Connect with us

පුවත්

“දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා”

Published

on

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා පියවර ගැනීමට තමන් සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රජය පවරාගෙන ඇති උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් යළි පවරාදීම පිළිබඳවද සැලකිල්ලට භාජනය කර ඇති බව ජාතික ජන බලවේගය වව්නියාවේ ඊයේ (10) සංවිධාන කර තිබූ ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

“අපේ රට හැම අතින්ම බෙදිලා තියෙන රටක්. හැබැයි අපේ රටට ඉස්සරහට යන්න බැහැ මෙහෙම බෙදිලා. අපේ ප්‍රධාන අපේක්ෂාව මේ සියලු බෙදීම් අවසන් කරන්න ඕන. එකතු කරන්න නම් මොකක්ද වෙන්න ඕනේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහ නායකයින් ඉන්න එක ව්‍යාපාරයක් හදන්න ඕනේ. අන්න ඒ ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය.දෙමළ භාෂාව කතාකරන ජනතාව තුළ අපේ ක්‍රියාකාරීත්වයේ අඩුවක් තිබුණා. ඒ නිසා ඒ ජනතාව පරණ පක්ෂ තෝරාගත්තා. හැබැයි සැප්.21 වැනිදා මොකක්ද වුණේ? NPP එක ජයගෙන ඒ ජනතාව තුළ විශ්වාසයක් හැදුවා. මං හිතනවා ඒ ජයග්‍රහණයෙන් වැඩිම උද්දාමයට පත්වුණේ උතුරේ ජනතාව. ඔවුන් අවදි වෙන්න පටන් ගත්තා. කොච්චරද කියනවා නම් අනෙක් පක්ෂවල අයටත් කියන්න වෙලා තියෙනවා දිනුවට පස්සේ මාලිමාවේ ආණ්ඩුවට යනවා කියලා. අපිට එකයි කියන්න තියෙන්නේ දැන් බස් එක මිස් වුණා, පරක්කුයි.”

“සියලුදෙනා සමගි කරන දේශපාලන ව්‍යාපාරය දිනවන්න ඕනේ. ඒ තමයි මාලිමාවේ ජයග්‍රහණය. අපි සැලකිල්ලට භාජනය කරලා තියෙනවා විවිධ ආරක්ෂක හේතු මත පවරාගෙන තියෙන උතුරේ ඉඩම් යළි එම ජනතාවට ලබාදෙන්න. යුද්ධයක් තිබුණා ඒකෙන් විශාල විනාශයක් වුණා. හැබැයි දේශපාලන සිරකරුවන් ඉන්නවා. අපි නීතිපතිතුමාගේ උපදෙස් මත ඔවුන් නිදහස් කරන්න ලෑස්තියි. ඔය දේශපාලන ව්‍යාපාර සියල්ල දියවෙන්න පටන් ගන්නවා. මං ඔය වට්ටන්න කතා කරන මහත්වරුන්ට කියනවා ජනාධිපති ඡන්දෙට ගත්තට වඩා එක ඡන්දයක් අරන් පෙන්වන්න. ඒ ගොල්ලෝ වැටෙනවා ජනපති ඡන්දෙටත් වඩා මහ ඡන්දයේදී බිමට. හැබැයි NPP එක ජනපති ඡන්දෙට වඩා ඡන්දේ ගන්නවා. ඒ නිසා ඒ ගොල්ලෝ වට්ටන කතා, හිත හදාගන්න කියන කතා. අපි හදමු අලුත් රටක්, ඒ වෙනුවෙන් සියලුදෙනා එකතුවෙන්න. මේ සැරේ දිනන්න ඕනේ දිනිල්ලක් අනිත් අයට ඇඬෙන්න.”

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved