Connect with us

පුවත්

දේශබන්දුගේ චෝදනා 4කට පුනරුක්ති දෝෂය

Published

on

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට මුලින් එල්ල කර තිබූ චෝදනා විසිහත පසුව විසිතුන දක්වා අඩුකර ඇතැයි වාර්තා වේ.

චෝදනා 27 ක් තිබු එම යෝජනාව මුලින්ම මන්ත්‍රී අත්සන් 115 ක් සහිතව කතානායකවරයාට භාර දී තිබිණි. 

කෙසේවුවද, පසුව චෝදනා අඩු කිරීමට හේතු වී ඇත්තේ මුල් යෝජනාවේ එකම චෝදනාව ස්ථාන කිහිපයක විවිධ ආකාරයට සඳහන් වීම බව පැවසේ.

මුලින් මන්ත්‍රීන් අත්සන් කළ යෝජනාවේ චෝදනා 27 ක් ඔහුට එල්ල කර තිබිණි. 

එහෙත් පාර්ලිමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද පරිපූරක යෝජනාවේ අඩංගු වන්නේ චෝදනා 23 ක් පමණි.
මූලාශ්‍රය – දේශය 

පුවත්

බන්ධනාගාර රෝහල් සේවා හිටපු නි. අධ්‍යක්ෂ, රිමාන්ඩ් (Update)

Published

on

By

අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් අද (13) අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා ලබන 19දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.


(පෙර පුවත 2025 අගෝස්තු 13 ප.ව.3.20 )

බන්ධනාගාර රෝහලේ හිටපු නි. අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත අත්අඩංගුවට

බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ,2024 වර්ෂයේදී, බන්ධනාගාරගත කර සිටි රැඳවියෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු බන්ධනාගාරගත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව, තවදුරටත් එහි නේවාසිකව රඳවාගෙන ප්‍රතිකාර සිදු කිරීම සඳහා අල්ලස් වශයෙන් රුලියල් 1,500,000ක් ඉල්ලා ඉන් රුපියල් 300,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

වෛද්‍ය හේමන්ත රණසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (13) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඔහු දැනට අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැ.බ) ලෙස කටයුතු කරයි.

Continue Reading

පුවත්

මඩු මංගල්‍යය හමුවේ උතුරු – නැගෙනහිර හර්තාල් දිනය වෙනස් වෙයි

Published

on

By

මෙම සිකුරාද (අගෝස්තු 15) උතුරු හා නැගෙනහිර පළාත්වල පැවැත්වීමට නියමිතව තිබූ හර්තාල් ව්‍යාපාරය අගෝස්තු 18දා පැවැත්වීමට තීරණය කළ බව ඉලංගෛ තමිල් අරසුකච්චි (ITAK) පක්ෂයේ මහලේකම් – එම්.ඒ. සුමන්දිරන් මහතා පවසයි.

X සටහනක් තබමින් සුමන්දිරන් මහතා පවසා ඇත්තේ මඩු උත්සවයට පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයක් ඇතිවීම වැළැක්වීමට මෙම පියවර ගත් බවයි.

මේ දිනවල නල්ලූර් කෝවිලේ පැවැත්වෙන උත්සවයේ වැදගත් සිදුවීම් පිළිබඳවද සාකච්ඡා කිරීමෙන් අනතුරුව නව දිනය නියම කර ගත් බව එහි වැඩිදුරටත් දැක්වේ.

සබැඳි පුවත් :

Continue Reading

පුවත්

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර ලැබ ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ භාර දෙන ලදී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඉ(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද මෙම නව පත්වීම සඳහා ලබී ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසයට එක් වේ.

මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා වන්නේද  නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාය.

ජනාධිපති මාධ්‍ය අංශය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved