Connect with us

පුවත්

දේශබන්දුව ධුරයෙන් ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට

Published

on

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව එළැඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පැවසීය.

අද (02) පාර්ලිමේන්තුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කථානායකවරයා මේ බව දැනුම්දී ඇත.

පුවත්

ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා අස්වී තිබේ.

මෙසේ ඉල්ලා අස්වී තිබෙන්නේ එම රෝහලේ සේවය කරන ලද විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකි.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා රෝහල් පාලනාධිකාරිය වෙත භාර දී ඇත. 

පෞද්ගලික අවශ්‍යතාවක් මත රෝහලෙන් ඉවත් වන බවට එම විශේෂඥ වෛද්‍යවරයා සිය ලිපියෙන් දැනුම් දී තිබේ.

කෙසේ වුවද මෙම රෝහලේ තවත් එක් විකලාංග විශේෂඥ වෛද්‍යවරයකු සේවය කරන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම රෝහලේ සේවය කරනු ලැබු ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන දහඅට වැනිදා (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියෝග කළේය. 

එම විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගනු ලැබුවේ ශල්‍ය ආයිතම රෝහලේ තිබියදී පිටතින් මිලදී ගන්නා ලෙස රෝගින්ට දැනුම් දීම ඇතුළු චෝදනා රැසකටය.

සබැඳි පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Continue Reading

පුවත්

කොස්ගමදී කොටහැර පොඩ්ඩාගේ පවුලටම වෙඩි තියලා 

Published

on

By

මවක, දියණියක සහ තවත් පුද්ගලයකු කොස්ගම සුදු වැල්ල ප්‍රදේශයේදී, වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය කියයි.

කොටහැර පොඩ්ඩා නමැති සංවිධානාත්මක අපරාධකරු ඇතුළු  තිදෙනකු මෙසේ තුවාල ලබා අවිස්සාවිල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය පවසයි.

හංවැල්ල ප්‍රදේශයේ තිබූ සංගීත සංදර්ශනයක් නරඹා නැවත නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී මිලිමීටර් නමය වර්ගයේ බවට සැක කළ හැකි උණ්ඩ නමයක් හමුවී ඇති අතර සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ පිහිටි නිවසක තුවාලකරුවකු සැඟව සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.

Continue Reading

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved