Connect with us

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බරට රිටන් චෙක්දීලා!

Published

on

ඉකුත් ජුනි 30 වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2.4ක (රුපියල් 2,488,003,615) වටිනාකමින් යුත් අගරු චෙක්පත් 4831ක් තිබී ඇතැයිද ඒ අතුරින් චෙක්පත් 3817ක්ම අවුරුදු 3කට වඩා පැරණි ඒවා බවද කෝප් කමිටුවේදී පසුගියදා අනාවරණය වී ඇත.

වසර තුනක් පැරණි එම අගරු චෙක්පත්වල වටිනාකම රුපියල් 1,429,356,750ක් බවද හෙළි වී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2021 මාර්තු 24 වැනි දින කෝපා කමිටුවට කැඳවා ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ 2023 අය-වැයෙන් යෝජනා කොට ඇති බදු ආදායම ළඟා කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තිබේදැයි පරීක්ෂා කර බැලීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පෙරේදා (28) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ තොරතුරු අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම පිළිබඳ කමිටුව ප්‍රශ්න කළ අතර, නීතිමය පියවර ගැනීමට තම දෙපාර්තමේන්තුවට බලය නැති බව පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ.

මෙය සාපරාධී අපරාධයක් බවත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම පිළිබඳ මාසයක් ඇතුළත කෝපා කමිටුවට වාර්තාවක් දෙන ලෙසද මෙහිදී කෝපා කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 ජුනි 30 වැනි දින වන විට ලැබිය යුතු මුළු හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් 773,957,856,618 බව (බිලියන 773) කෝපා කමිටුවේදී අනාවරණය විය.

මේ අතර මේ මුදලෙන් රුපියල් 201,400,855,198ක් (බිලියන 201) කිසිදු නීතිමය ගැටලුවකින් තොරව අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවත් රුපියල් 572,557,001,420ක් (බිලියන 572) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති මුදල් වශයෙන් හඳුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

එසේම RAMIS සහ Legacy යන පද්ධති දෙක යටතේම අය විය යුතු මුළු හිඟ බදු මුදල් වශයෙන් මේ මුදල හඳුනාගෙන ඇති බවද මෙහිදී විගණකාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලද අතර මේ හිඟ බදු මුදලින් අය කළ හැකි ආදායම ලෙස පවතින රුපියල් බිලියන 201 මුදල අය කර නොගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මේ මුදල් දැනටමත් කොටස් වශයෙන් අය කර ගැනීමට කටයුතු කොට ඇති බව මේ අනුව පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දී තිබේ.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved