Connect with us

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බරපතළ චෝදනාවක්

Published

on

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ආශ්‍රිත ආදායමෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් අය කළ නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එම කාර්යාලය පෙන්වාදෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව සහ වගකීම් විරහිත ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලාශ්‍රයන්ට අනුව රජයට අය විය යුතු නමුත් මෙතෙක් අයකරගෙන නොමැති එකතු කළ අගය මත බදු පිළිබඳ විශේෂ විගණන වාර්තාව ප්‍රකාශයට පත් කරමින් විගණකාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ලේඛනවලට අනුව 2022 දෙසැම්බර් 31 වන දින වන විට වැට් හිඟ බදු මුදල් සහ එම හිඟ බදු මත පනවන දඬ මුදල්වල වටිනාකම රුපියල් බිලියන 369ක් වන අතර ඉන් රුපියල් බිලියන 255ක් වූ හිඟ ආදායම විවිධ හේතු මත අයකර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

ඉන් අය කරගත හැකි ලෙස හඳුනාගෙන ඇති හිඟ බදු ශේෂය වූ රුපියල් බිලියන 114 වසර 13ක පමණ කාලයක සිට පැවත එන ශේෂයන් පවතින බව ද විගණනය මඟින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අයකරගත යුතු වැට් බදු නියමිත කාලය තුළ දී අයකර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් දැනටමත් මහජනතාව විසින් කැප කිරීමක් කර රජයට ආදායමක් ලෙස ගෙවා තිබු ආදායමෙන් විශාල ප්‍රමාණයක් අවභාවිතා වීමේ හෝ රජයට අහිමිවීමේ අවදානමක් උද්ගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය වගකීම් කාලීනව හා උපරිම කාර්යක්ෂමතාවයෙන් යුක්තව ඉටුනොකිරීම හේතුවෙන් මෙම බදු මුදල් රජයට අහිමිවීමට ප්‍රධාන හේතුව බවය.

හිඟ බදු මුදල් පිළිබඳව කාර්යක්ෂමතාවයකින් යුතුව කටයුතු නොවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් සිදුකර ඊට හේතු හා සිදුවිය හැකි අක්‍රමිකතා හඳුනාගෙන එම හිඟ බදු අයකිරීම් කඩිනමින් සිදුකරන ලෙස ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් නිර්දේශ සිදුකර තිබේ.

තවද වංචනිකව නොසැලිකිලිමත්ව හෝ චේතනාන්විතව අයකර ගත හැකි හිඟ බදු හා දඬ මුදල් අයකරගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පිළිබඳව ආයතනික මට්ටමින් හෝ ඉන් ඉහළ නියාමනයකින් පරීක්ෂණයක් සිදුකර වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව සුදුසු විනයානුකූල පියවර ගන්නා ලෙස අදාළ වාර්තාවෙන් වැඩිදුරටත් නිර්දේශ කර ඇත.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved