Connect with us

පුවත්

දේශීය ආදායම් ලොක්කාගේ කුලෑටි වැඩ නිසා නිලධාරීන් මකර කටේ

Published

on

දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සක්‍රීය විශාල බදු ගෙවන්නන්ගේ ලිපිගොනු සංඛ්‍යාව 800 කටත් වඩා අඩු බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එසේම සියලුම ලිපි ගොනු ප්‍රමාණය 350,000 කටත් වඩා අඩු බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.මේ තත්ත්වය යටතේ මිලියන 23 කට ආසන්න මෙරටෙහි ජනතාව අතරින් ආදායම් බදු ගෙවන අයකු විසින් ආදායම් බදු නොගෙවන 60 දෙනෙකු පමණ නඩත්තු කල යුතුව ඇතැයි සංඛ්‍යා ලේඛන වලින් හෙළිව තිබේ.ජනතාව මත පනවා ඇති බදු බර ඉහල බවත්, එසේ දැනට තිබෙන ඉහල ආදායම් බදු අනුපාතය පහතට ගෙනඒමට නම් බදු ගෙවන පිරිසගේ සංඛ්‍යව වැඩි කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සූදානම් වන බව මේ අතර වාර්තා වේ.

ඔවුන්ගේ අදහස වී ඇත්තේ බදු බර වැඩි පිරිසක් අතරට බෙදීමෙන් ජනතාව මත පනවා ඇති බදු බර අඩුකළ හැකි බවයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) බලාපොරොත්තුව වී ඇත්තේද විශාල බදු ගෙවන්නන්ගෙන් නිවැරදිව බදු අයකර ගැනීමත්, මධ්‍යම ප්‍රමාණයේ බදු ගෙවන්නන් නිවැරදි මාවතේ රැගෙනවිත් විශාල බදු ගෙවන්නෙක් බවට පත් කිරීමත් බව පැවසේ.

මුදල් අමාත්‍යංශයේ මුල්‍ය ප්‍රතිපත්ති සැකසුම් වලට අනුව බදුගෙවන පිරිස කඩිනමින් ලියාපදිංචි කර බදුගෙවන්නෝ වැඩි කරගැනීමට යෝජනා කර ඇතත්, වත්මන් කොමසාරිස් ජනරාල්වරයාට ඒ ගැන පැහැදිළි දැක්මක් නොවීමෙන් එම වැඩපිළිවෙල ලත් තැනම ලොප්ව ඇතැයි ද පැවසේ.

කොමසාරිස්වරයා මෙම කටයුතු දිනෙන් දින අතපසුකරමින් ලබන අගෝස්තුවේ විශ්‍රාම යාමට දින ගනිමින් සිටින බවට ද මේ වන විට ඔහුට එරෙහිව වෘත්තීය සිමිතිවලින් බලවත් චෝදනාවක් එල්ලවී ඇත. 

මේ අතර, මෙම දෙපාර්තමේන්තුවේත් අනෙකුත් රජයේ සේවයත් මුල්කරගනිමින් බදු ලිපි ගොනු මිලියනක පමණ ප්‍රමානයක් විවෘත කර පම්පෝරි ගැසීමට කොමසාරිස්වරයාගේ වන්දිභට්ටයින් පිරිසකගේ සූදානමක් ගැනද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එසේම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට පිටින් අලුතෙන් ආරම්භ කරන ලද ආදායම් කළමනාකරණ අංශයට සිදු කරන ලද බඳවා ගැනීම් ද විනිවිධ බාවයකින් තොර බව පැවසේ.

මෙම නව අංශයට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සිටි  සිවුදෙනෙකු බඳවා ගෙන ඇති අතර තවත් 6දෙනෙකු  බඳවා ගැනීමට නියමිත බව පැවසේ.

කෙසේවුවද, මේ බඳවා ගැනීම් සිදු කර ඇත්තේ කිසිදු සම්මුඛ පරීක්ෂණයක් හෝ ඇගයීමකින් තොරව මුදල් අමත්‍යංශයේ හිතුමතයට අනුවය.

දැනට මෙසේ බඳවා ගත් අය පිළිබඳව කේෂත්‍රය තුළ එතරම් පැහැදීමක් නැතැයි ද මේ අතර වාර්තා වේ.

මෙසේ පත්කර ඇති පිරිස පිටුපස සැඟවී සිටින විශාල බදු ගෙවන්නන් සහ විශ්‍රාම ගිය අයද ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved