Connect with us

පුවත්

දේශීය ණය ප්‍රමාණයෙන් ප්‍රතිව්‍යුහගතකරන්නේ ඩො.බිලියන19.8යි

Published

on

ඇමරිකානු ඩොලර් බිලියන 42.1ක් වන දේශීය ණය ප්‍රමාණයෙන් ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ කර ගැනෙන්නේ බිලියන 19.8ක ප්‍රමාණයක් බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා කියයි.

ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට රජය තීරණය කිරීමත් සමග ඒ සඳහා අප පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණියා. නමුත් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කරගන්නාතුරු එම යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර සිටියා.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ 01 වනදා සිට මාර්තු 20 වනදා වන තුරු රජය සහ ජාත්‍යන්තර ණයකරුවන් අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුණා. එහි මූලික අරමුණ වුණේ මූල්‍යකරණ සහතිකයක් එම ණයකරුවන්ගෙන් ලබා ගැනීමයි. අපට එය සම්පූර්ණ කළ හැකි වුණේ මාර්තු මාසයේ දෙවන සතියේයි. ඒ අනුව මාර්තු 20 වැනිදා වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේ ඉල්ලීම පිළිගැනීමට සහ ඉදිරි කටයුතු කිරීමට එකඟත්වය පළ කරනු ලැබුවා.

වසර 04ක වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වන්නේ. එහි ප්‍රධාන අංග 05ක් තිබෙනවා. පළමුවැනි එක තමයි ආදායම් පාදක රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණයක් සිදු කළ යුතුයි කියන එක. 2020- 2021 වසරවල මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 8ක් දක්වා පහත වැටී තිබුණා. එම තත්ත්වය ඉහළ නංවා ගැනීම සහ තවත් කරුණු ඊට ඇතුළත් වෙනවා.

දෙවැනි කාරණය තමයි ණය ප්‍රතිව්‍යූහගතකරණය. ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයක් නැහැ කියන එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බොහෝ කලකට පෙර ප්‍රකාශ කළා. තුන්වැනි කාරණය මිල ස්ථායිතාවයක් රටතුළ ගොඩ නගා ගැනීම. හතරවැන්න මූල්‍ය අංශයේ ස්ථාවරභාවය ආරක්ෂා කර ගැනීමයි. පස්වැනි කරුණ වශයෙන් දූෂණ විරෝධී ක්‍රියා පිළිවෙතකට රජය ප්‍රවේශ විය යුතුයි යන්නයි. මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා අප ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.

මේවායින් ණය ප්‍රතිව්‍යූහගතකරණය හැර අනෙකුත් කාරණා සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා.

අද අප කතා කරන දේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 42.1 යි. එයිනුත් ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ කර ගන්නේ බිලියන 19.8ක ප්‍රමාණයක්. එයට ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු සහ අනෙකුත් බැංකු, සේවක අර්ථ සාධක අරමුදල සහ රජයට ණය සපයා ඇති වෙනත් ආයතන 04ක් ඇතුළත් වෙනවා.

මේ ආයතන අතරේ ණය ප්‍රතිව්‍යූහගතකරණය විවිධාකාරයට සිදු වුවත් කිසියම් ආකාරයක මිශ්‍රිත වැඩපිළිවෙළක් ඔස්සේ යම්කිසි සහන ප්‍රමාණයක් රජයට ලබා ගැනීම එහි අවසන් ප්‍රතිඵලය විය යුතු බව අපේක්ෂා කරනවා.

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved