Connect with us

පුවත්

දේශීය නිෂ්පාදකයින් ඖෂධ සැපයීමට තවත් මාස 6ක් කල් ඉල්ලලා

Published

on

දේශීය නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ඖෂධ සැපයීමට මාස හයක කාලයක් අවශ්‍ය බව දේශීය නිෂ්පාදකයන්ගෙන් සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට පෙරේදා (26) දැනුම් දී ඇතැයි වාර්තා වේ.

දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් 2025 වර්ෂය සඳහා ඖෂධ ලබා ගැනීම සඳහා ඇනවුම් ලබාදීම පිළිබඳ වූ සාකච්ජාවක් නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පෙරේදා (26) පැවැත්වුණි.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී දේශීය ඖෂධ වර්ග 308ක් ඖෂධ ලබා ගැනීම සඳහා වූ තොග ඇනවුම් ගණනය කිරීම සහ නිෂ්පාදකයන් දැනුවත් කිරීමක් සිදුවිය.

ඉන්පසු එක් එක් නිෂ්පාදකයාට ලබාදුන් ඖෂධ තොග අද (28) පැවැත්වෙන ප්‍රසම්පාදන කමිටුවට යොමු කිරීමට සෞඛය අමාත්‍යංශය සැලසුම්කර ඇත.

මෙම අවස්ථාවේදී දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් සංගමය පෙන්වා දුන්නේ තොග ඇනවුම් නිශ්චිත ලෙස මෙතෙක් ලබා නොදීම නිසා ලබන වසරේ ජනවාරි මාසය වන විට ඖෂධ සැපයීම සිදුකළ නොහැකි බවයි.

ඖෂධ ලබා ගැනීම සඳහා මාස හයක පමණ කාලයක් අවශ්‍ය බවද නිෂ්පාදකයන් මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතරථ, අද (28) පැවැත්වෙන ප්‍රසම්පාදන කමිටු රැස්වීමෙන් පසු කැබිනට් අනුමැතිය ලබාගෙන අදාළ ඖෂධ තොග ඇනවුම් දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට ලබා දීමට කටයුතු කරන බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා මාධ්‍යට පවසා තිබේ.

පුවත්

බොහෝ ප්‍රදේශවලට අද වැස්ස

Published

on

By

අද (21) දිනයේ බස්නාහිර සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් හම්බන්තොට, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Continue Reading

පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඉල්ලා අස්වෙයි!

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇතැයි වාර්තා වේ.

නිශාන්ත අනුරුද්ධ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර සඳහා මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පත් කිරීමට යෝජනා වී ඇතැයි ද පැවසේ.

එම තනතුරට අදාළ කැබිනට් පත්‍රිකාව අද (21) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද මේ අතර වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක පත්වීමෙන් පසුව මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්විය. 

නිශාන්ත අනුරුද්ධ ගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රවාහන අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන හයක් අතුරින් ආයතන හතරක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය තනතුරුවලින් ඉවත්වීම විශේෂත්වයකි.

නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාලනය කිරීම මගින් එම දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් උපයා දෙන රාජ්‍ය ආයතන පහ අතරට ගෙන ආ නිලධාරියකු ලෙස ද ප්‍රකටය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved