දේශීය සැමන් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට සැමන් ආනයනය අත්හිටුවීමත් සමඟ සැමන් මිල ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් සැමන් සඳහා ඉදිරියේදී පාලන මිලක් නියම කිරීමට රජයේ අවධානය මේවන විට යොමුව ඇති බව වාර්තා වේ.
එසේම ලුණු සඳහා ද පාලන මිලක් යෙදීමට අවදානය යොමුව ඇති බව පැවසේ.
සැමන් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට දෛනික සැමන් ටින් අලෙවිය ලක්ෂ එක හමාරක් දක්වා අඩුවී ඇතැයි පැවසේ.
අඩු මිලක තිබියදී දෛනිකව සැමන් ටින් ලක්ෂ පහක අලෙවියක් පැවැති බව දේශීය සැමන් නිෂ්පාදකයෝ කියා සිටිති.
කෙසේ නමුත්, සැමන් ටින් එකක් රුපියල් 490 ක උපරිම සිල්ලර මිලක පවත්වාගෙන යාමට දේශීය සැමන් නිෂ්පාදකයන් පසුගියදා සාකච්ඡා කළද, එම මිලට සැමන් අලෙවි කරනු ලබන්නේ සීමිත නිෂ්පාදකයන් පිරිසක් බව පැවැසේ.
මේ අතර, සැමන් ආනයනය කිරීම සඳහා ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් වෙළෙඳ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇතැයිද පැවැසේ.
දේශීය සැමන් නිෂ්පාදකයන් සහ වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා අතර ඊයේ (23) සාකච්ඡාවක් පැවැති අතර, එහිදී දේශීය සැමන් නිෂ්පාදකයන් දැනුම්දී ඇත්තේ මෙරට තුළ සැමන් නිෂ්පාදනාගාර 21 ක් තිබෙන බවත්, ඉන් දෛනිකව සැමන් ටින් ලක්ෂ 06 ක නිෂ්පාදන ධාරිතාවයක් පවතින බැවින් සැමන් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ඉදිරියේදී සැමන් ටින් එකක මිල තවත් අඩු කිරීම සම්බන්ධව ද දේශීය සැමන් නිෂ්පාදකයන්ගේ අවධානය යොමුවී තිබේ.
මේ අතර, ප්‍රමිති ආයතනය, ධීවර අමාත්‍යංශය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, වෙළෙඳ අමාත්‍යාංශය එක්ව ලබන වසරට (2025) පෙර සැමන් සහ ලුණු සඳහා පාලන මිලක් නියම කිරීමට නියමිත බවද පැවැසේ.