Connect with us

පුවත්

නලින් රටින් බිත්තර ගේන්න හදයි; අමරවීර බිත්තර රට පටවන්න යයි

Published

on

බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.

 වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය කියා සිටින්නේ මෙරට බිත්තර නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම බිත්තර මිල ඉහළ අගයක පවත්වාගෙන යාම හේතුවෙන් මේ පියවර ගන්නා බවයි.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙලෙස බිත්තර මිල නොවෙනස්ව ඉහළ මිලක් පවත්වාගෙන යාම සඳහා නිෂ්පාදකයින් විසින් වෙළෙඳපොළට නිකුත් කරන බිත්තර ප්‍රමාණය සීමා කිරීමට කටයුතු කරන බවටත් මේ වන විට චෝදනා එල්ලවී තිබේ.

එමෙන්ම බිත්තර නිෂ්පාදනය පාලනය කිරීම සඳහා සතුන් මස් පිණිස අලෙවි කිරීම ද සිදුකරන බවට ද තොරතුරු වාර්තා වී ඇත.

බිත්තර නිෂ්පාදකයින් මේවන විට බිත්තරයකින් රුපියල් 25ක පමණ ලාභයක් ගන්නා බවයි පැවසෙන්නේ.

පසුගිය කාලයේදී රජයේ මැදිහක්වීමෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සිදු කළ අතර ඉන්දිය බිත්තරයක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 46ක් වැනි මුදලකටය.

මේ අතර, කුකුළු මස්හා බිත්තර ආශ්‍රිත නිෂ්පාදන චීනයට අපනයනය කිරීම සඳහා පැවති බාධක ඉවත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එම අමාත්‍යාංශය කියා සිටියේ, මහජන චීන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ උප අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මෙම බාධක ඉවත් කිරීමට එකඟවූ බවයි. 

මීට අමතරව අන්නාසි ආශ්‍රිත නිෂ්පාදන ද චීන වෙළඳපොළ වෙත යොමු කිරීමට අවසර හිමිව ඇති බවද කෘෂිකර්ම අමාත්‍යංශය.

වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස නලින් ප්‍රනාන්දු මහතා ද කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා ද කටයුතු කරනු ලබයි.

නලින් මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වන අතර අමරවීර මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමිනි.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved