Connect with us

පුවත්

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි

Published

on

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කර තිබේ.

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරු පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ

එම නාම ලේඛනය පහතින්…

01 ජී.පී. සපුතන්ත්‍රි මහතා – අග්‍රාමාත්‍ය ලේකම්
02 ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා –  අමාත්‍ය මණ්ඩල ලේකම්
03 කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා –  ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
04 කේ.එම්.එම්. සිරිවර්ධන මහතා  – මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති
සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය
05 අරුණි විජේවර්ධන මහත්මිය  – විදේශ කටයුතු අමාත්‍යාංශය
06 ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය  –  අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
07 කේ. මහේසන් මහතා –  කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
08 එම්.එම්. නයිමුදීන් මහතා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
09 ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා – ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
10 පාලිත ගුණරත්න මහීපාල මහතා  – සෞඛ්‍ය අමාත්‍යාංශය
11 ඩබ්ලිව්.පී.පී. යසරත්න මහතා  – අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
12 බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා  – පරිසර, වනජීවි, වන සම්පත්, ජල
සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
13 එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා  – කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්,
වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
14 එච්.එස්.එස්. තුයියකොන්තා මහතා  – ආරක්ෂක අමාත්‍යාංශය
15 ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා  – මහජන ආරක්ෂක අමාත්‍යාංශය
16 රංජිත් ආරියරත්න මහතා  – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘති කටයුතු, ජාතික ඒකබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
17   මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා   – බලශක්ති අමාත්‍යාංශය

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved