Connect with us

පුවත්

නව කැලණි පාලමේ ආරක්ෂක කොන්ත්‍රාත්තුව රක්නා ලංකාට

Published

on

ජපන් රජයේ ණය ආධාර මත අලුතින් ඉදිකරන ලද කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) හෙවත් නව කැලණි පාලම අනතුරකට හෙළමින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි හා ඇණ මුරුච්චි ගලවාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

කොන්ක්‍රීට් ආවරණ තුළ තිබූ තඹ කම්බි ගලවා ඇත්තේ කෝන්ක්‍රීට් ආවරණ රාත්‍රි කාලයේ හොර රහසේ කඩා දමමින් බවද අනාවරණය වී තිබේ. 

නව කැලණි පාලම විවෘත කල කාලයේ පල කළ වීඩියෝවකි…

දැනට අනාවරණය වී ඇත්තේ රුපියල් මිලියන 286 (කෝටි 28) ක පමණ අලාභයකි.

මීට අමතරව මත් කුඩු බොන පුද්ගලයන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ අධි විදුලි ධාරාවන් සහිත විදුලි රැහැන් පවා කපාගෙන ගොස් ඇතැයිද ඒ හේතුවෙන් අධිවේගි මාර්ගයේ රාත්‍රියට විදුලි පහන් දැල්වීමට නොහැකි තත්ත්වයක් ඇති බවද අනාවරණය වී ඇත. 

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (11) රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී මේ බව අනාවරණය වී ඇත.

මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ද මේ සම්බන්ධව සියලු වාර්තා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකර තිබේ.

පොළවේ සිට සම්බන්ධ වන තඹ කේබල් කපාගෙන යාමෙන් නව කැලණි පාලම අනතුරක ඇතැයි තමාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳව ආන්ශික කාරක සභාවේදී හෙළි වූ බවත් ඒ අනුව වහාම ආරක්ෂාව තහවුරු කරන්නැයි වගකිවයුතු අංශවලට යොමුකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මාධ්‍යට පවසා ඇත.

මෙම ප්‍රදේශය අධිආරක්ෂිත කලාපයක් කරන්නැයි ඔහු යෝජනා කර තිබේ. 

මෙම තත්ත්වය මත නව කැලණි පාලම හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා රක්නා ලංකා සමාගම වෙත පැවරීමට අවධානය යොමුකර ඇතැයි ද වාර්තා වේ. 

කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ විදුලි රැහැන්වලට අමතරව ආරක්ෂිත දැල් පවා කපාගෙන ගොස් යකඩවලට විකුණා ඇතැයි හෙළිවී තිබේ. 

කල්‍යාණි රන් පිවිසුම නව කැලණි පාලම විවෘත කරනු ලැබුවේ 2021 නොවැම්බර් 24 වැනිදාය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved