Connect with us

පුවත්

නව පත්වීම් තුනකට උසස් නිලතල කාරක සභාවේ නිර්දේශ

Published

on

මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරයෙක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව පසුගියදා (05) නිර්දේශය ලබා දී තිබේ.

ඒ අනුව කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස යූ. එල්. එම්. ජවුහාර් මහතාගේ සහ  විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතාගේ යෝග්‍යතාවය පරීක්ෂා කළ උසස් නිලතල පිළිබඳ කාරක සභාව එම තනතුරු සඳහා ඔවුන් පත් කිරීම යෝග්‍ය බවට නිර්දේශ ලබා දී ඇත.  

මීට අමතරව, ඊජිත්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස යෝග්‍යතාවය පරීක්ෂාකොට නිර්දේශ කොට තිබූ එම්.ඊ.එම්. ජෝසප් වෙනින්ගර් මහත්මිය, රුමේනියාවේ ශ්‍රී ලංකා නව තානාපතිවරිය ලෙස පත් කිරීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය හිමිවී තිබේ.  

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, උදය ගම්මන්පිල සහ  (වෛද්‍ය)  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

පුවත්

IMF මීළඟ සමාලෝචනය ජනපතිවරණයෙන් පසුවයි – ජූලී කෝසැක්

Published

on

By

ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ජනතාව බවත්, මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් මේ බව සඳහන් කළේ, ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

Continue Reading

පුවත්

 මුතියංගණ විහාරයේ ‘මධූ’ වලකට වැටී මරුට!

Published

on

By


මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ‘මධූ’ නමැති ඇතින්න ඊයේ (12) පස්වරුවේ හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී පැරැණි වැසිකිළි වළකට වැටී එහි සිරවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හසලක පොලීසිය පවසයි.

ඇසළ පෙරහර මංගල්‍යයට පැමිණ සිටි අලි ඇතුන්ට ආහාර පිණිස ලබාදීම සඳහා කිතුල් කොට තොගයක් ඇතින්න ලොරියකට පටවන අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

වයස අවුරුදු පහක් පමණ වන විට එම ඇතින්න බදුලු මුතියංගණ රාජමහා විහාරයට ලැබී ඇති අතර මිය යන විට අවුරුදු තිහක් පමණ වයසෙහි පසු වූ බව පොලිසිය කියයි.

වැසිකිළි වළකට ඇදවැටුණු ‘මධූ’ ඇතින්න ගොඩට ගැනීමට ප්‍රදේශවාසීන්, පොලිසිය, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහත් ප්‍රයත්නයක් දැරූ අතර රාත්‍රී හතට පමණ ඇතින්න මියගිය බව පොලිසිය පවසයි.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පශ්චාත් මමරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

හසලක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.

Continue Reading

පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම වෙයි

Published

on

By

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භ විය.

එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved