Connect with us

පුවත්

නව මැගසින් බන්ධනාගාරයේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

Published

on

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකගේ වැඩ තහනම් කර තිබේ.

ප්‍රධාන ජේලර්වරයා සහ නියාමකවරයා විසින් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්ත සිරඳඩුවමක් විඳින සිරකරුවකු සමග අනිසි සම්බන්ධතා පවත්වා බන්ධනාගාරය වෙත රහසිගත ලෙස ජංගම දුරකථන රැගෙනවිත් බන්ධනාගාර රැඳවියන්ට ලබාදී ඇති බව සිදුකරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක පැවසීය.

පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වූ කරුණු අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර අධිකාරීවරයෙකු යොදවා සිදුකරන ලද මූලික විමර්ශනයට අනුව 2024.11.04 දින කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියතු ප්‍රධාන ජේලර්වරයා හා ගබඩා භාරකරු වශයෙන් සේවය කළ නියාමකවරයාගේ වැඩ තහනම් කරන ඇත.

දූෂණ ක්‍රියාවන්වලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා අතර ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කර නඩු පැවරීමටද ඉදිරියේදී කටයුතු කරනු ඇති බවද ගාමිණී බී. දිසානායක පැවසීය.

මෙවන් දූෂණ ක්‍රියාවන්වලට සම්බන්ධ නිලධාරීන් කිහිපදෙනෙකු මේ වනවිට සේවයෙන් පහ කර ඇති බවද ඔහු පැවසීය.

(අරුණ)

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved