Connect with us

පුවත්

නාමල්ගෙන් පොලිස් ඇමතිට චෝදනාවක්

Published

on

රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැයකරනවා වෙනුවට තමන්ගේ පවුලේ අයව දඩයම් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

යෝෂිත රාජපක්ෂ මහතාව අද (27) උදෑසන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අතර එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ තමා වුවත් එයට වන්දි ගෙවීමට සිදුවුණේ තම සහෝදරයාට බවය.

“ඇයි මෙහෙම කරන්නේ කියලා මගෙන් අහන්න එපා. ඒක අහන්න නියෝජ්‍ය ආරක්ෂක ඇමතිගෙන්, පොලිස් ඇමතිගෙන් සහ රටේ ජනාධිපතිවරයාගෙන්. හැබැයි ඉතින් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කාලය වැයකරන්න ඕන ආණ්ඩුව දේශපාලනඥයින්ව දඩයම් කරන්න සහ පවුලේ අයව දඩයම් කරන්න යොදනවා. පාර්ලිමේන්තුවේ කෑගහන්නේ මම නේ. හිරේ යන්නේ මල්ලි.

අපරාදේ හයිවේ එක දිගේ බෙලිඅත්තටම ඇවිත් අත්අඩංගුවට ගත්ත එක. අපිට එන්න කිව්වානම් අපි එනවා. තෙල් ගහගෙන බෙලිඅත්තට යන්නේ අපරාදේ. එන්න කිව්වා නම් ඇවිත් කටඋත්තරය දෙනවානේ. අපි වැරැද්දක් කරලා තියෙනවා නම් අධිකරණයේ දී ඔප්පු කරන්න. මාධ්‍ය සංදර්ශන දාලා රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා.

මේ නඩුව පටන් ගත්තේ දුෂණ මර්දන කමිටුවේ ලේකම්වරයා විදියට අද ඉන්න පොලිසිය භාර අමාත්‍යවරයා. එතුමාගේ එදා තිබුණ දේශපාලන දඩයම අද සාක්ෂි හද හදා ඒ විදියටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. විපක්ෂය මර්දනය කරලා තමන්ගේ දේශපාලනය කරන්න ආණ්ඩුව හදන්නේ. පැහැදිලිව අපි වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ වැරැද්ද අධිකරණයේ දී ඔප්පු කරන්න. මාධ්‍ය සංදර්ශන දාලා මුදල් නාස්ති කරන්න එපා.”

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved