Connect with us

පුවත්

“රාජපක්ෂලව හිරේ දැම්මා කියලා රටේ ප්‍රශ්න යටගහන්න එපා” (Update)

Published

on

පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ තිබේ.

ඔහු ඉන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිය සිටියේ, 2010 – 2015 කාලසීමාව තුළ තමන්ට ලැබුණු මුදල් පිළිබඳ නිර්නාමික ලැබී ඇති පැමිණිල්ලකට අනුව තමන්ව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමයි ආණ්ඩු මාරු වෙනකොට අනිත් ආණ්ඩුවේ හිටපු අය ගෙන්වලා ප්‍රශ්න කරන එක. අපිට එන්න කිව්වාම අපි එනවා. මේක මැතිවරණ කාල සීමාවක්, අද නුවර රැස්වීමක් තිබුණා. ඒත් මම හිතුවා ඒ පරීක්ෂණ කටයුතු වලට සහයෝගය ලබා දීම තමයි අපි කළ යුතු කාරණය. මොකද විශේෂයෙන්ම අපිට එල්ල වෙලා තියෙන චෝදනා මේ රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා තියෙනවා.

අද නම් එන්න කියලා තියෙන්නේ 2010 – 2015 කාලසීමාවේ මගේ කාර්යාලයට ඇවිල්ලා සල්ලි තියල ගිහිල්ලලු එක මහත්තයෙක් කියලා කියනවා. නිර්නාමික පැමිණිල්ලක්. ඉතින් ඒ පිළිබඳව මගෙන් අහනවා. මේ වගෙ පැමිණිලි දහස් ගානකට මම මේ යහපාලන ආණ්ඩුව කාලෙත් උත්තර දුන්නා, රිමාන්ඩ වුණා, අධිකරණයේ නඩු පවරලා තියෙනවා නිදොස් කොටු නිදහස් වුණා.

ඉතින් අපි ආණ්ඩුවෙනුත් ඉල්ලන්නේ මේ විදියටම උගන්ඩාව සම්බන්ධයෙන් සීෂෙල්ස් සම්බන්ධයෙන් අපිව ගෙන්නලා අවබෝධයෙන් බොරු කියපු අයගෙත් කට උත්තර ලියාගෙන ඒවා ලෝකයේ තියෙන තැන් දන්නව කියන අයවත් ගෙනල්ලා සාක්ෂි සඳහන් කරලා පරීක්ෂණ කටයුතු කරන්න.

රාජපක්ෂලව හිරේ දන්න තියෙන්නේ, දැනොන්න අධිකරණයට ගෙනාවා, දැන් ඔන්න ප්‍රශ්න කළා, පැය 10ක් ප්‍රහ්ස්න කළා, පැය 8ක් ප්‍රහ්ස්න කළා කියලා ඒ ජනතාවගේ ප්‍රශ්න යටගහන්න එපා.”


නාමල් CID යට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

එහිදී ප්‍රකාශයක් ලබාදීම සඳහා තමා කැඳවා ඇති බව නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.

මෙහිදි අදහස් දැක්වු ඔහු,

“කාරණාව දන්නේ නෑ. හොඳයිනේ කැඳවන එක. අපිට තියෙන චෝදනා නැති කරගන්න තියෙන එකම ක්‍රමය මේකට ඇවිල්ලා යන එක තමා. මොකද අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ. අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි. අපි අවබෝධයෙන් කටඋත්තරය දීලා එන්නම්.”

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved