Connect with us

පුවත්

“නායකත්වය පස්සේ බේරගන්න පුළුවන්”

Published

on

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එක්ව කටයුතු කිරීම සඳහා ආරම්භ කර තිබෙන සාකච්ජා වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බව එජාප මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ නව නායකත්වයක් ගැන තවමත් තීරණයක් ගෙන නොමැති අතර එය පසුවට බේරාගත හැකි බවය.

”නායකත්වය පස්සේ බේරගන්න පුළුවන්. අපි දැන් කතාකරන්නේ එක්සත් ජාතික පක්ෂයේම තව කොටසක් එක්ක. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා ගිය,එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්න පක්ෂයක් තමයි සමඟි ජන බලවේගය. මේ පක්ෂ දෙකෙන්ම අද නායකයෝ දෙන්නෙක් ඉන්නවා. ඉදිරියට ඒ සම්බන්ධයෙන් තව කල්තියෙනවා. එකපාරටම හැම ප්‍රශ්නයක්ම අපිට විසඳන්න බැහැ.අපි උපරිමයෙන් උත්සහ කරන්නේ මේක ආරම්භයක් පමණයි. ඉදිරියේදී ගැටළු මතුවෙනකොට ඒ සඳහා අවශ්‍ය කතාබහවල් අපි කරනවා. රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයේ නායකතුමා ඉතාම සුභවාදිව කල්පනාකරලා තියෙනවා. මේ කටයුත්තේදී එතුමා අපිට අවශ්‍ය පූර්ණ ආශිර්වාදය ලබාදීලා තියෙනවා.”

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved