Connect with us

පුවත්

මියගිය නාවික සෙබළාට උසස් වීමක්

Published

on

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී නාවික හමුදා සෙබළෙකු ජීවීතක්ෂයට පත්වීම සහ නාවික හමුදා දේපොළවලට අලාභහානි සිදුවීම සම්බන්ධයෙන් අදාළ ඉන්දීය ධීවරයින්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව නාවික හමුදාව පවසයි.

පසුගිය 25 වනදා යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීම යාමේදී ඉන්දීය ධීවර යාත්‍රාව කලහකාරී ලෙස හැසිරවීම හේතුවෙන්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ ජ්‍යේෂ්ඨ නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනා නාවික හමුදා භාරයට ගෙන තිබූ අතර, ඔවුන්ට එරෙහිව මෙරට මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතු සිදුකිරීම, නාවික හමුදා නිලධාරියෙක් ජීවීතක්ෂයට පත්වීම සහ නාවික හමුදා දේපොළකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට යාපනය – මල්ලාකම් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

ජීවිතක්ෂයට පත් නාවික හමුදා ජ්‍යේෂ්ඨ නාවිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇති අතර, එම මරණය හදිසි මරණයක් බවත්, මරණයට හේතුව කශේරුකාවට හානි සිදුවීම බවත්, නිගමනය කරමින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර තිබේ.

මියගිය නාවිකයාගේ දේහය ඊයේ (26) අලුයම ඥාතීන් වෙත භාරදී ඇති අතර, අවසන් කටයුතු අද (27) ඉබ්බාගමුව ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ උත්තමාචාර සහිතව සිදුකිරීමට නියමිතය.

නාවික හමුදාව සඳහන් කළේ, අදාළ සිද්ධියෙන් මියගිය ජ්‍යේෂ්ඨ නාවිකයා සමූහ ප්‍රධාන සුළු නිලධාරී තනතුරට උසස් කිරීමට ද නාවික හමුදා පතිවරයා කටයුතු කර ඇති බවය.

————————

මුල් පුවත ( පෙ.ව. 9 :55 , ජුනි 27,2024)

නාවික සෙබළාගේ මරණයට ඉන්දීය ධීවරයන් 10ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට යාමේදී එම ධීවරයන් අනාරක්ෂිතව බෝට්ටු හැසිරවීමෙන් නාවික සෙබළකු මිය යාමේ සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම ධිවරයින් කන්කසන්තුරේ පොලිස් ස්ථානයට භාරදීමට නාවික හමුදාව කටයුතු කොට තිබේ.

පොලිසිය සදහන් කළේ, ඉන්දීය ධීවරයින් 10 දෙනාට එරෙහිව මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී ධීවර කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන්, මෙහෙයුමේදී නාවික හමුදා පුද්ගලයෙකු ජීවීතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සහ නාවික හමුදා දේපලකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ‘බී’ වාර්තාවක් මඟින් යාපනය, මල්ලාකම් උසාවිය වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවය.

අදාළ ස්ථානීය පරික්ෂාව සඳහා මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා කන්කසන්තුරය වරායට පැමිණ නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ මෙහෙයුමේදී අලාභහානි සිදුවී ඇති නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව පරීක්ෂාවට ලක් කර තිබේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved