Connect with us

පුවත්

නාවික හමුදාපති රවින්ද්‍රට තෑගි දුන් අවියක් ජා-ඇල කාරයකින් මතුවෙලා

Published

on

ගැටුමකින් තුවාල ලබා පලායමින් සිටි පුද්ගලයකු ගමන් කරමින් සිටි කාර් රථයක් ජා-ඇල නගර මධ්‍යයේ දී අනතුරකට ලක් වීමෙන් පසු රථය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී සොයා ගන්නා ලද ගිනි අවිය හිටපු නාවික හමුදාපති (හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි) රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාට පාකිස්තානයෙන් තෑගි දුන් එකක් බව හෙළිව තිබේ.

මෙසේ සොයාගෙන ඇත්තේ පකිස්ථානයේ නිශ්පාදිත එම්.පී. 5 වර්ගයේ රන් ආලේපිත ගිනි අවියකි.

ඉකුත් 11වැනිදා අළුයම 3.30 ට පමණ කුඩා කාර් රථයක් ජා-ඇල නගර මධ්‍යයේ කොළඹ කටුනායක අධිවේගී පිවිසුමට ආසන්නයේ දී පාරෙන් ඉවතට පැන අනතුරකට ලක්වී තිබිණි.

එම අවස්ථාවේ ජා-ඇල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් පැමිණ කාර් රථය පරික්ෂා කිරීමේදී කැපුම් තුවාල සහිතව කාර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු සුවසැරිය ගිලන් රථය මගින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

අනතුරුව පොලිස් නිලධාරීන් කාර් රථය පරීක්ෂා කිරීමේදී රන් ආලේපිත ගිනි අවිය සොයා ගැනීමට හැකි වු බව ජා-ඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් බාලසූරිය මහතා පවසා තිබිණි.

පොලිසය විසින් කරනු ලැබූ වැඩි දුර විමර්ශන කටයුතු වලදී අනාවරණය වී ඇත්තේ පුද්ගලයින් කිහිප දෙනෙක් රාගම ප්‍රදේශයේ දී මත් පැන් පානය කර 11 වැනිදා අළුයම 1.00ට පමණ කටුනායක පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් එහි ආරක්ෂක නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගෙන ඇති බවයි.

පසුව ඔවුන් රාගම ප්‍රදේශයේ ට පැමිණ අදාළ ගිනි අවිය රැගෙන පෙර සමාජ ශාලාවට ගොස් එහි ආරක්ෂක නිලධාරීන් බිය ගැන්වීම ට ගිනි අවිය එල්ල කල අවස්ථාවේදී එහි සිටි ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට බෝතල් වලින් පහරදී ඇති බවයි. 

පසුව අතෙහි බරපතල කැපුම් තුවාල සහිතව ආපසු එමින් සිටියදී කාර් රථය මෙලෙස අනතුරට මුහුණ දී ඇති බව පැවසේ.

සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරුවන් මේ වනවිට රාගම හා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මින් එක් සැකකරුවකු හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාගේ රාගම පිහිටි නිවස බලාගෙන සිටි අයෙක් බවත්, අනෙක් සැකකරු වාහන සර්විස් සෙන්ටර් එකක හිමිකරුවෙක් බවයි.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved