Connect with us

පුවත්

නැවතත් ලං‌කාවට බාල බෙහෙත් එයි ද?

Published

on

ඖෂධ 47ක් ඉන්දියානු ඒකාධිකාරය යටතේ මෙරටට ගෙන්වීම සඳහා රමේෂ් පතිරණ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ  (25) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

මේ හරහා ඖෂධ පිළිබඳව ඉන්දියානු ඒකාධිකාරයක් ගොඩනැංවීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට සහ පුරවැසියන්ට වාසි සහගත වන්නේ කෙසේ දැයි අමාත්‍යවරයා පැහැදිලි කළ යුතු බවට ඔහු අවධාරණය කළේය.

මේ දක්වා රට තුළ ඖෂධයක් ලියාපදිංචි වීම සඳහා යුරෝපීය හෝ අමෙරිකානු තත්ත්වය අත්‍යවශ්‍ය වූඅ අතර ඉන්දියානු තත්ත්වයේ ඖෂධ සඳහා ලියාපදිංචියට අවසර ලබා දී තිබුණේ නැත.

නමුත් මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව ඉන්දියානු තත්ත්වය වුවද සලකා බැලිය හැකිය.

ඒ අනුව ලංකාවේ ඖෂධ තත්ත්ව ප්‍රමිතිය පිළිබඳව ප්‍රතිපත්තිය කවුරුන් හෝ බාල කර ඇති බවට ද රවී කුමුදේශ් මහතා චෝදනා කරයි.

දේශීය නිෂ්පාදකයන් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ රැසක් ද මෙම ලේඛනයට ඇතුළත් කර ති‌බේ.

ඒ හරහා ඉන්දියානු සමාගම්වල මහා පරිමාණයේ තරගයට ලංකාවේ දේශීය නිෂ්පාදනකරුවන් යට කරමින් අතුගා දැමීම සිදු වනු ඇත.

එසේ සිදු කරන්නේ මෙතෙක් කලක් දේශීය නිෂ්පාදකයන් නගා සිටුවීම රටක් ලෙස අප නාස්ති කළ මුදලට වගකියන්නේ කවුරුන් දැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

“දේශීය සැපයුම්කරුවන් විසින් ඉල්ලා ඇති ලියාපදිංචි විය ඖෂධ නියාමන අධිකාරිය හරහා අවහිර කරමින්, ඉන්දියාවෙන් ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වීම හරහා නැවත වතාවක් ඖෂධ පිළිබඳව තත්ත්වය බාල්දු නොවන බව මහජනතාවට තහවුරු කරන්නේ කවුද.?

ඉන්දියානු සවරයිට් සමාගම සමඟ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ගිවිසුම් ගත වූ ගිවිසුම හරහා සිදුවූ විපත, ඒ හා සමාන ස්වරූපයෙන් පෙනෙන මෙම ගිවිසුම හරහා සිදු නොවන්නේ යැයි කිව හැක්කේ කෙසේද?

ඖෂධ පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ තවදුරටත් මහජනතාවට රහසක් බවට පත් නොකොට මෙම තීරණ පිළිබඳව ප්‍රසිද්ධියේ පැහැදිලි කරන ලෙස අප පතිරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.”

අත්‍යවශ්‍ය ඖෂධ හදිසි පදනම යටතේ මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සැලැසුම් කර තිබෙන අත්‍ර ඊට අදාළ අනුමැතිය ඉල්ලා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බව සඳහන්ය.

ජුලි මස 23 වැනිදා අමාත්‍ය මණ්ඩල පත්‍රයක් යොමු කරමින් ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාව තුළ දැනට ඖෂධ වර්ග 862ක් පවතින බවය.

ඉන් 14ක් අත්‍යවශ්‍ය ඖෂධ ලෙස වර්ග කර ඇති අතර ඖෂධ 474ක් අත්‍යවශ්‍ය ඖෂධ කාණ්ඩයට අයත් විය.

වර්ග 160ක් අත්‍යවශ්‍ය නොවන ඖෂධ බව සඳහන්ය.

සෙසු 214 ඖෂධ සමාගම් මගින් ලබාදෙන සහ ‘ප්‍රචාරක’ ඖෂධ ලෙස වර්ග කර තිබුණි.

කැබිනට් සංදේශයට අනුව සෞඛ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා වෛද්‍ය සැපයුම් අංශයට අවශ්‍ය ඖෂධවලින් 90% ක්ම සපයනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසිනි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved