මෙවර 75 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කළ නිදහසේ මුද්දරය තමාගේ අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව මුද්දර කාර්යාංශයේ නිලධාරීන් විසින් වෙනස්කර ඇතැයි මුද්දරයේ නිර්මාණකරු වන චිත්‍ර ශිල්පී සනත් රෝහණ වික්‍රමසිංහ මහතා චෝදනා කරයි.
තමා විසින් සුදු පසුබිමක ජාතික ධජය සහ නිදහස් චතුරස්‍රය සිතුවම් කරන ලද මුද්දරය මුද්දර කාර්යාංශයේ නිලධාරීන්ගේ අවශ්‍යතාව මත දුඹුරු පසුබිමක් දමා වෙනස් කර ඇති බවත් මෙය සිතා මතාම තමාගේ නිර්මාණය විකෘති කිරීමක් බවත් සනත් රෝහණ වික්‍රමසිංහ මහතා සති අන්ත පුවත්පතකට පවසා තිබේ.
මුද්දරය නිකුත් කිරීමට ප්‍රථම රජයේ මුද්‍රණාලයට ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසට තමා ඉල්ලීමක් කළද තමන්ට මුද්‍රණාලයට ඇතුළුවීම පවා තහනම් කිරීමට නිලධාරීන් කටයුතු කළ බවද හෙතෙම අනාවරණය කර ඇත.
එමෙන්ම සම්ප්‍රදායක් ලෙස මුද්දරයක් නිර්මාණය කරන ශිල්පියා විසින්ම එයට අදාළ මුල්දින කවරයද නිර්මාණය කරන නමුත් මෙවර එය වෙනත් පුද්ගලයකු යොදාගෙන නිර්මාණය කර තිබේ.
ඒ හේතුවෙන් මේ සම්බන්ධව ගතහැකි උපරිම නීතිමය සීමාවන්ට යොමුවන බවද සනත් රෝහණ මහතා කියා සිටී.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ජාතික ගීය වෙනස්කළ ශෝකයට තම ජීවිතය පවා අහිමිකරගත් ආනන්ද සමරකෝන් වැනි වටිනා සම්පත් අහිමි වූ අතීතයක් පවතින රටක නිදහස් දිනය මුද්දරය නිර්මාණ ශිල්පියාට තම නිර්මාණය හෝ නිදහසේ රසවිඳීමට පවතින අවස්තාවද මගහැරී ඇති බවයි.
මේ අතර, වැඩ බලන තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර මහතා එම පුවත්පතටම පවසා ඇත්තේ මේ පිළිබඳව තමා දැනුවත් නැති බවත්, මේ වනතෙක් කිසිදු පැමිණිල්ලක් ද තමා වෙත ඉදිරිපත්ව නොමැති බවයි.
මූලාශ්‍රය – අරුණ
සබැඳ පුවත්
75 වන නිදහස් දින සැමරුමට විශේෂ සමරු මුද්දරයක් හා කාසියක්