Connect with us

පුවත්

නිදහස් උළෙලේ වියදම කෝටි 8 පන්නයි

Published

on

මෙවර පැවැත්වෙන 77 වැනි නිදහස් දින සමරු උත්සවය සඳහා රුපියල් මිලියන 87 ක මුදලක් වැයවන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගණන් බලා ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නිදහස් උත්සවය සඳහා පැමිණෙන ආරාධිතයන් සහ අනෙකුත් පිරිස වෙනුවෙන් ඉදිකරන කුටි (Hut) රජයේ කර්මාන්තශාලාවෙන් ලබා ගැනීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 37 ක මුදලක් වැයවන බවට ගණන් බලා තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ගබඩාවල තිබෙන යකඩ බට ඇතුළු උපකරණද කුටි ඉදිකිරීමේදී යොදා ගන්නා බවද පැවසේ.

ඉකුත් වසරේ (2024) පැවැති නිදහස් දින සමරු උත්සවය සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් වැයවන බවට ගණන් බලා තිබිණි.

මෙවර නිදහස් උත්සවය සදහා ආරාධිත අමුත්තන්ද සීමාකර තිබේ.

මෙවර නිදහස් දින සමරු උත්සවය සඳහා යොදා ගන්නා යුද හමුදා භට කණ්ඩායම් සියයට 50 කින් අඩුකර ඇති අතර, ගුවන් යානා සන්දර්ශනද නොපැවැත්වෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. ජාතික ධජය ප්‍රදර්ශනය කරමින් එක් හෙලිකොප්ටර් යානයක් පමණක් නිදහස් උත්සවය පැවැත්වෙන කලාපයේ සැරිසැරීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම, යුද හමුදා රථ, කාලතුවක්කු රථ ආදියද මෙවර නිදහස් උත්සවයේදී ප්‍රදර්ශන රථ ලෙස ධාවනය නොවන අතර, රෙජිමේන්තු මට්ටමින් පවත්වන පෙළපාළි වෙනුවට හමුදාව විසින් එක් පෙළපාළියක්ද, පොලිසිය විසින් එක් පෙළපාළියක්ද ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අනාවරණය වේ.

පසුගිය නිදහස් දින උත්සව සඳහා යාපනයේ සිට යුද ටැංකි කොළඹට ගෙනැවිත් ඇති අතර, එක් යුද ටැංකියක් සඳහා ඉන්ධන වියදම් ලෙස රුපියල් ලක්ෂ හතරකට අධික මුදලක් වැයවී ඇතැයිද පැවසේ.

එමෙන්ම, මෙවර නිදහස් උත්සවය සඳහා නිදහස් සමරු කලාපයක්ද මුද්‍රණය නොකෙරෙන බව පැවසේ. කෙසේ නමුත්, ජයමංගල ගාථා, මඟුල් බෙර වාදන, පාසල් ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායම්, සංස්කෘතික කණ්ඩායම් නිදහස් උත්සවයට සුපුරුදු පරිදි යොදාගැනේ.

මෙවර නිදහස් උත්සවය චාම් සහ ගාම්භීර අයුරින් මහජනතාවගේ සහභාගිත්වයෙන් පවත්වන බවද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කියයි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved