Connect with us

පුවත්

නිදහස් දින පෙරහුරුවේදී පැරෂුට් අනතුරෙන් 4කට තුවාල (වීඩියෝ)

Published

on

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුවක් අතරතුරදී අනතුරකට ලක්ව තුවාල ලබා තිබේ.

පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති අතර අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් බව වාර්තා වේ.

(වීඩියෝ : නිවුස්ෆස්ට්)

පුවත්

දේශබන්දුට තුන් වේලටම ගෙදරින් කෑම

Published

on

By

බන්ධනාගාර ගතව සිටින සේවය අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙනඒම සඳහා අවසර ලබාදී තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (24) දිනයේ සිට අදාළ අවසරය ලබා දී ඇති බවය.

වැලිගම ප්‍රදේශයේ හෝටලක් අසල සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා එම නියෝගයෙන් දින 20කට පසුව අධිකරණයට බාරවිය.

එහිදී මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් අප්‍රේල් 3 වනදා වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දේශබන්දු තෙන්නකෝන් මහතා මහනුවර දුම්බර බන්ධනාගාරයට ඇතුළත් කළ අතර එහිදී තමාගේ ආහාරවේල නිවසෙන් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

අදාළ ඉල්ලීම සලකා බැලූ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඔහුට නිවසෙන් ආහාර ගෙන ඒමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේය.

ඒ අනුව වේල් තුන සඳහාම දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසෙන් ගෙන එන ආහාර ලබා ගැනීමට අවස්ථාව හිමිව තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

රට වැටුණු වෙලාවේ ගොඩගන්න හිටියේ රනිල් විතරයි

Published

on

By

ජනතාව අද පහසුවෙන් ජීවත් වන්නේ රට වැටුණු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ නිසා බව බඹරැන්ද කුරුඳුරේ පූර්වාරාම රජමහා විහාරාධිපති දොඩම්පහළ රාහුල නා හිමියෝ පැවැසූහ.

රාහුල නාහිමියන් මෙසේ පැවසූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වෙමිනි.

එහිදී ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වතාවත් පැවැත්වූ අතර සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම පින්කම් සංවිධාන කෙරිණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සජබ හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී සිටියහ.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් ද පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් දොඩම්පහල රාහුල නාහිමියන් වැඩිදුරටත් පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතා කිසි විටෙක කිසිදු තීන්දු තීරණයක් රටට අගතිගාමී ලෙස ගෙන නැති බවය.

රනිල් වික්‍රමසිංහ මහතාට රටේ මහා සංඝරත්නයේ ආශිර්වාදය හැම විටම හිමි වෙන බවද රාහුල නා හිමියෝ කීහ.

Continue Reading

පුවත්

වැඩි මිලට බඩු විකුණූ ගෝල්ෆේස් කඩහිමියන්ට නඩු

Published

on

By

වැඩි මිලට පානීය ජල බෝතල් සහ පැණි බීම අලෙවි කළ ගාලුමුවදොර වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබේ.

පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශය විසින් පසුගිය දා ගාලුමුවදොර පිටියේ ජංගම අලෙවිසැල් සහ අනෙකුත් වෙළෙඳසැල්වල විශේෂ වැටලීමක් සිදුකරන ලදී.

එහිදී වැඩි මිලට පානීය ජල බෝතල් සහ පැණි බීම අලෙවි කළ වෙළෙඳුන්ට මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් වලට එරෙහිව මාලිගාකන්ද අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved