Connect with us

පුවත්

නියමුවරිය වැසිකිළි ගියාම දොර ලොක් කරලා

Published

on

පසුගිය සැප්තැම්බර් 21 දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයේ හටගත්  සිදුවීමක් සම්බන්ධයෙන් එහි ගුවන් නියමුවරයා සේවයෙන් ඉවත් කර ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ගුවන් යානය පියාසර කරන අවස්ථාවේදී ගුවන් නියමුවරයා සහ සහය ගුවන් නියමුවරියක් අතර හටගත් ආරවුලක් මෙම සිදුවීමට හේතු වී ඇති බව වාර්තා වේ.

UL607 අංක දරණ එම ගුවන් යානය ගමන් කරමින් තිබියදී සහය නියමුවරිය වැසිකිළිය වෙත යෑම සඳහා කෙටි විවේකයක් ගෙන ඇති අතර, ඇයට නැවත ගුවන් යානයේ නියමු කුටියට (cockpit) පිවිසිය නොහැකි පරිද්දෙන් එය අගුලු දමා වැසීමට අදාළ ගුවන් නියමුවරයා කටයුතු කර තිබේ.

ගුවන් නියමුවරිය නැවත පැමිණියත් එම අවස්ථාවේදී ගුවන් නියමුවරයා නියමු කුටියේ දොර විවෘත කිරීමට ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් අතට උණුසුම් තත්වයක් හට ගෙන ඇති බවද වාර්තා වේ.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ රෙගුලාසි වලට අනුව ගුවන් යානයක් ගමන් කරන සෑම අවස්ථාවකම නියමු කුටියේ අවම වශයෙන් දෙදෙනෙකු සිටිය යුතු වේ.

කෙසේවෙතත්,  මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන්සේවය සඳහන් කළේ මගී ආරක්ෂාව සහතික කිරීම  සහ සියලු නියාමන අවශ්‍යතා සමඟ අනුකූලව කටයුතු කිරීම  ශ්‍රීලංකන් ගුවන්සේවයේ ප්‍රමුඛ කාර්යයක් බවය.

ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන්සේවය අදාළ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවත් විමර්ශන වාර්තාව ලැබෙන තෙක් එහි ගුවන් නියමුවා (Captain) සේවයෙන් ඉවත්කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

පුවත්

බෝරා සමුළුවට උපරිම සහය දෙන්නැයි නිලධාරීන්ට උපදෙස්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ, ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ  ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති සාකච්ඡාවේදීය.

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූනි මස 27 වන දා සිට ජූලි 05 වන දා දක්වා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය  පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු  සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ‍යන මහත්ම මහත්මීන් ඇතුළු බෝරා ප්‍රජාවේ ආගමික නායකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බලපෑමට ලක් වූ කුඩා – මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවදුරටත් සහන දෙන්න – මහබැංකුව

Published

on

By

පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) වෙත උපදෙස් ලබා දී ඇත. 

මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකුල වේ.

Continue Reading

පුවත්

පාසල් ගොඩනැගිල්ලකට අත්තක් වැටී සිසුවෙක් මරුට

Published

on

By

අද (12) දහවල් බලංගොඩ ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලංගොඩ පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved