Connect with us

පුවත්

නියෝජ්‍ය ඇමති මුස්තාපාගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසි කරයි!

Published

on

2010 ජනාධිපතිවරණය ආසන්නයේදී ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීමට පොළඹවා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ ලක්ෂ 42 ක අල්ලසක් ලබා දීමේ චෝදනාවට වරදකරු කළ හිටපු නියෝජ්‍ය ඇමති මයෝන් මුස්තාපා මහතාගේ ප්‍රජා අයිතිය වසර හතකට අහෝසි කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඔහුට මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (17) නියම කළේය.

ජනතා මතය උරගා බලන ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන ආයතනයක නියෝජිතයෙකු වන විත්තිකරු කළ වරද ඉතා බරපතළ වුවත් ඊට දිය හැක්කේ සුළු දඬුවමක් නිසා ඒ පිළිබඳව කණගාටුවට පත් වන බව විත්තිකරුට දඬුවම් නියම කරමින් පැවසු විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සිර දඬුවමට අමතරව රුපියල් 500/-ක දඩයකටද ඔහු යටත් කළේය.

2010 ජනවාරි 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී 2010 ජනාධිපතිවරණය ආසන්න සමයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීම සඳහා පොළඹවා ගැනීමේ අරමුණීන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ ලක්ෂ 42 ක අල්ලසක් ලබා දීම ඇතුළු චෝදනා මත නීතීපතිවරයා විත්තිකාර හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා මහතාට එරෙහිව චෝදනා නඟා තිබිණී.

මේ සම්බන්ධයෙන් පවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනා සනාථ කිරීම සඳහා පැමිණීල්ලෙන් ඉදිරිපත් කළ සාක්කි වල අඩංගු කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සළකා බැලීමේදී මෙන්ම නඩුවේ සාක්කි වශයෙන් ඉදිරිපත් කළ දුරකථන සංවාද හඬපට හා සීසීටීවී දර්ශන සලකා බැලීමේදී විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළේය.

විත්තිකරු සිය විත්තිවාචකය මඟින් මෙම නඩුවට පාදක වු රුපයල් ලක්‍ෂ 42ක මුදල නඩුවේ පළමු සාක්ෂිකාර ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් මහතාට විදේශ ගත වීම සඳහා දුන් ත්‍යාගයක් යැයි විත්තිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරු අධිකරණයේ එසේ පැවසුවත් එම මුදල් ලබාදීමෙන් අනතුරුව සාක්කිකරු සමඟ ගොස් එක්සත් ජාතික පක්ෂයේ මලික් සමරවික්‍රම හා රවී කරුණානායක මහත්වරුන් හමුවීම තුළින් ඔහුගේ ස්ථාවරය මෙන්ම සාක්කියද බිඳ වැටී ඇතැයි සඳහන් කළේය.

මේ තත්වය මත විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනාවන්ට ඔහු වරදකරු බව විනිසුරුවරයා තීරණය කළේය.

මේ අවස්ථාවේ අධධිකරණ ඇමතූ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ප්‍රජාතන්ත්‍රවාදය පෙරදැරි කරගත් සමාජ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ පවතින බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව රටේ විධායක ජනාධිපතිවරයා මෙන්ම පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පවත්වන මැතිවරණ මගින් ඡන්දදායකයාගේ කැමැත්ත මත ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගන්නා බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දදායකයින් සිය හෘද සාක්ෂියට එකඟව” ස්වාධීනව” ඡන්දය පාවිච්චි කළ යුතු බවත් ඉන් ජනතා අභිලාෂයන් මුදුන් පත් කිරීම සිදුවන බවත් පෙන්වා දුන් විනිසුරුවරයා එම ක්‍රියාදාමය වෙනස් කිරීමෙන් ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සැකයක් උපදින බවත් ඉන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටීම සිදුවී ජනතාව වෙනත් ප්‍රවාහයන් වෙත තල්ලු කිරීමක් සිදුවන බවත් අවධාරණය කළේය.

හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වන විත්තිකරු කළ වරද සුළුවෙන් තැකීමට හැකියාවක් නැති බවත් නීති අණපනත් සකසන ආයතනයක ජනතා නියෝජිතයින් මීට වඩා ආදර්ශමත්ව වගකකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් අවධාරණය කළ විනිසුරුවරයා විත්තිකරුට එල්ල වන චෝදනාව ඉතාම බරපතළ වුවත් ව්‍යවස්ථාපිතව ඊට ලබාදිය හැක්කේ සුළු දඬුවමක් යැයිද පෙන්වා දුන්නේය.

මෙවැනි වරදක් කළ විත්තිකරුවකුට ලබාදිය හැකි සුළු දඬුවම පිළිබඳව කණගාටු වන බව සඳහන් කළ විනිසුරුවරයා ජනාධිපතිවරණ පණතේ ඇති බලතල මත විත්තිකරුගේ ප්‍රජා අයිතිය වසර හතකට අහෝසි කළේය.

විත්තිකරුට මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 500/-ක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල නොගෙවන්නේ නම් මාසයක සිර දඬුවමක් නියම කළේය.

මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා විත්තිකරු චෝදනාවන්ට වරදකරු කොට ඇති හෙයින් ඔහු විසින් අල්ලස් වශයෙන් මොහොමඩ් මුසම්මිල් මහතාට ලබාදී ඇති රුපියල් ලක්ෂ ලක්ෂ 42 ක මුදල රාජසන්තක කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පැමිණීල්ලේ ඉල්ලීම සළකා බැලීම දින 14කට ලක් තැබු විනිසුරුවරයා මෝෂමක් මාර්ගයෙනන් එම ඉල්ලීම කිරීමට පැමිණීල්ලට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.

(ලංකාදීප)

පුවත්

සෑම පාසල් සිසුවෙකුටම දත්ත ගොනුවක්

Published

on

By

පාසල් පද්ධතියට ඇතුළත් වන සෑම සිසුවෙකු සඳහා ම අනන්‍ය වූ දත්ත ගොනුවක් සකස් කිරීම සහ අද්විතීය හැඳුනුම්පතක් (Unique Identity Card) මෙමගින් හඳුන්වාදීමට නියමිත බව උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන පරිවර්තය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන, අනධ්‍යන සේවකයින්, දරුවන් සහ පාසල් ඇතුළු සමස්ත තොරතුරු ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (02) අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ.

ජාතික උප්පැන්න සහතිකය, විභාග ප්‍රතිඵල, කුසලතා, නිපුණතා ඇතුළු දරුවන්ගේ සියලු  දත්ත මෙම පද්ධතියට ඇතුළත් කිරීමට මෙහි දී යෝජනා කළ බව පැවසේ.

2026 වර්ෂයේ දී සිදුකරන අධ්‍යාපන පරිවර්තයට සමගාමීව දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමේ කටයුතු පහසු කර ගැනීම, ගුරු සහ විදුහල්පති  පුරප්පාඩු හදුනාගැනීම, පත්වීම් ලබාදීම, උසස් කිරීම, ස්ථානමාරු සිදු කිරීම, අඛණ්ඩ ඇගයීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය ඇතුළු පාසල් පද්ධතියේ සියලු කාර්යයන් කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම දත්ත පද්ධතිය මගින් හැකි වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා තිබේ.

ලබන වසරේ සිට පළමු වසරට සහ හයවන වසරට ඇතුළත්වන දරුවන් මූලික කර ගනිමින් මෙම දත්ත පද්ධතිය ආරම්භ කිරීමටද මෙහි දී සාකච්ඡා කර ඇත.

ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතිය සැකසීම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශය මගින් ලබා දෙනු ඇත.

Continue Reading

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved