Connect with us

පුවත්

නිරෝෂන්ට වාසුගේ පිලේ නාකත්වය එපා වෙයි!

Published

on

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

එම පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඒ බව සඳහන් කරයි.

නිරෝෂන් ප්‍රේමරත්න මහතා පෙන්වා දෙන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය තුළ සාකච්ඡා කරගත් පරිදි ඉලක්ක සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සෙසු සහෝදරයන් දක්වන අකමැතිත තමාගේ මෙම තීරණය ගැනීමට හේතුවූ බවය.

ඔහු සිය ලිපියේ මෙසේද දක්වා ඇත.

“ජනාධිපතිවරණය සඳහා අපි ඇති කරගත් එකඟතාවය පසුව වෙනස්වීම මා දැඩි කැළඹීමට ලක්විය. ඒ සම්බන්ධව තර්ක කොට ඵලක් නැත. මම එදින රැස්වූ මැතිවරණ කමිටුවෙන් ඉවත්වී ගියේ තීන්දුව ඔබ ඇතුළු කණ්ඩායමට ගැනීම සඳහාය. “

“ජනක රත්නායක නමැත්තෙකුට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමීමට ඔබ ඇතුළු පක්ෂයේ විධායක සභාවේ බහුතරය ගත් තීන්දුව ගැන මා වික්ෂිප්තභාවයට පත් කළේය. එම තීරණය වැළැකී ගොස් තිබුණේ අනූනවයෙනි. මා සුදුසු බිමක් සොයා යා යුතුය.”

වාසුදේව නානායක්කාර නායකත්වය දැරූ ‘ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ’ නව නායකයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂාන් ප්‍රේමරත්න මහතා පත්වූයේ ඉකුත් ජූලි 16 වැනිදාය.

නිරෝෂන් ප්‍රේමරත්න මහතා වාසුදේව මහතාට යැවූ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

පුවත්

වසරක් පාසා දළදා වන්දනාවක්!

Published

on

By

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් පවසයි.

අද (24) උදෑසන පැවති දිසාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අංශවල ඉල්ලීම අනුව මේ වන විට මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අදාළ සාකච්ඡාව පැවැත්වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

පුවත්

යාන්තමින් ජීවත් වීමට මාසෙකට 16,318ක්වත් ඕනේ

Published

on

By

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නිල දරිද්‍රතා රේඛා සටහනෙහි නවතම සංස්කරණය නිකුත් කර තිබේ.

2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නවතම සටහන අනුව ජාතික මට්ටමින් නිල දරිද්‍රතා රේඛාව සටහන් වන්නේ රු. 16,318 ක් ලෙසිනි.

පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල ලෙසින් මෙය හැඳින්විය හැකිය.

ඒ අනුව 4 දෙනෙකුගෙන් යුතු පවුලක් සඳහා මාසයක් වෙනුවෙන් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අවම මුදල රු. 65,272 ක් ලෙසින් ගණනය කළ හැකිය.

නිල දරිද්‍රතා රේඛාව, මාසිකව දිස්ත්‍රික්ක මට්ටමින් ගණනය කරනු ලබන අතර ඊට අනුව සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අවශ්‍ය අවම මුදල, කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන පුද්ගලයෙකුට රු. 17,599 ක් වන අතර එය දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම අගය වේ.

අඩුම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය රු. 15,603 කි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ 2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) අගය පෙර මාසයට සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම මෙලෙස නිල දරිද්‍රතා රේඛාව පහළ යාමට හේතු වී ඇති බවයි.

සම්පූර්ණ සටහන පහතින් දැක්වේ

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Published

on

By

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 22වනදා රාත්‍රියේ වැල්ලම්පිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඩෑන් ප්‍රියසාද්  ජීවිතක්ෂයට පත් විය.

රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved