Connect with us

පුවත්

නිර‌ෝෂා නිශාන්ති ඇපමත මුදාහරියි

Published

on

ඉහළ පොලියක් දෙන බව සඳහන් කරමින් ගාල්ල හා ඒ අවට පදිංචි පුද්ගලයන් විශාල පිරිසක් රවටා රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර සැඟව සිටියදී අත්අඩංගුවට ගත් නිරෝෂා නිශාන්ති නැමැති කාන්තාව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 500ක ශරීර ඇපයක් මත මුදාහරනු ලැබීය.

 මේ කාන්තාව ප්‍රතිඅපනයනය කරන මුවාවෙන් මිල අධික විදෙස් මත්පැන් මෙරටට ගෙන්වා බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිට ඇති බවට ද තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ලැබී ඇතැයි පැවසේ.

ඒ සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙම ජාවාරමට ඇයට දූෂිත රේගු නිලධාරීන්ගේ ද සහාය ලැබී ඇති බව හෙළිව තිබේ.

එසේ ඇයට සහාය දෙන එක් රේගු නිලධාරියකුව හඳුනාගෙන ඔහුගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ප්‍රශ්න කර තිබිණ. 

එහිදී ඔහු පවසා ඇත්තේ තමා ඇයට මුදල් දී වංචාවට හසුවී සිටින්නකු බවය. එහෙත් එම රේගු නිලධාරියා ඒ ගැන කිසිදු පොලිසියකට පැමිණිලි කර නැති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. 

එම රේගු නිලධාරියාත් ඇයත් අතර දුරකතන ඔස්සේ දිගින් දිගටම සම්බන්ධකම් තිබී ඇති බවද දුරකතන ජාල විශ්ලේෂණයකදී පෙනී ගොස් තිබේ.

මෙම කාන්තාව විසින් බොහෝ අයගෙන් මුදල් ගෙන ඇත්තේ විදෙස් මත්පැන් ගෙන්වා අලෙවි කිරීමේ ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කරන බව කියමිනි. 

විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඇය විසින් විදෙස් මත්පැන් කන්ටේනර් පිටින් මෙරටට ප්‍රතිඅපනයනය කිරීමේ මුවාවෙන් රැගෙනවිත් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවය. 

ප්‍රති නැව්ගත කිරීමේ මුවාවෙන් ගෙන්වන ලද විදෙස් මත්පැන් තොගයක් රේගුවේ සිරවීමක් හෝ රට තුළට ගෙන්වා ගැනීමට නොහැකි වීමක් හේතුවෙන් ඇයට ගනුදෙනුකරුවන්ට මුදල් දීමට නොහැකිව සිරවී ඇති බව ද විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. 

රුපියල් කෝටියකට වැඩි මුදල් ඇයට දුන් පුද්ගලයන් ද සිටින බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

මාලදිවයිනට ප්‍රතිඅපනයනය කරන මුවාවෙන් යුරෝපීය රටවලින් මිල අධික මත්පැන් ගෙන්වා රට අභ්‍යන්තරයේ ඇති ගුදම්වල එම කන්ටේනර් තබා එහි ඇති රේගු මුද්‍රා කඩා එහි ඇති මත්පැන් ඉවත් කර ඒ වෙනුවට ජල බෝතල් පුරවා නැවත රේගුවේ මුද්‍රා හොරට තබා එම කන්ටේනර් මාලදිවයිනට නැව්ගත කිරීමේ ජාවාරමක් ද පසුගිය කාලයේ සිදුව තිබිණි.

එම ජාවාරම අනාවරණය කර ගැනීමට පොලිසියටත් රේගුවටත් හැකි විය. 

මෙම කාන්තාවත් මෙවැනි ජාවාරමක් කරගෙන ගොස් ඇතැයි සැක කරන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

පසුගිය 21 වැනිදා මේ කාන්තාව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මුදල් වංචා කරමින් නීති විරෝධිව වත්කම් රැස් කිරීම සම්බන්ධයෙනි.

පුවත්

සිසුන්ට පහර දෙන ටියුෂන් සර්ව අත්අඩංගුවට ගැනීමට පියවර

Published

on

By

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක දැක්වෙන සිසුන්ට පහර දෙන අමතර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසා ඇත.

එම අධිකාරිය පවසා ඇත්තේ, අදාළ ගුරුවරයා ට එම අධිකාරිය හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඔහු නොපැමිණීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

යෝෂිත හෙට්ටිආරච්චි නමැති උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් එම පන්ති  අතරතුර සිසුන්ට පහර දෙන ආකාරය මෙන්ම, ඔහු සිසුවියක් ලවා තවත් සිසුවෙකුට පහර දෙන මෙන් උපදෙස් දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

මේ සම්බන්ධයෙන් අද (11) කැබිනට් තීරණන දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසීමක්ද කළ අතර, ඔහු සඳහන් කළේ අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගනිමින් සිටින බවය.

Continue Reading

පුවත්

සැත්කමකදී දරුවකු මරණයට පත්වීමේ සිද්ධියේ අධිකරණ තීන්දුව ලබා දෙයි

Published

on

By

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඇතුළත් කෙරුණු කොටහේන ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි හම්දි ෆස්ලිම් නමැති පිරිමි දරුවෙකු මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) ප්‍රකාශයට පත් කරන ලදී.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා සඳහන් කළේ ආසාදනය වී තිබූ එක් වකුගඩුවක් සැත්කමකින් ඉවත් කිරීමෙන් අනතුරුව මූත්‍රා පෙරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති වූ කම්පනය හේතුවෙන් මෙම දරුවාගේ මරණය සිදුවී ඇති බවය.

ඒ අනුව මෙම දරුවාගේ මරණය රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවී ඇති බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලේය.

තම දරුවා වකුගඩු සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් ඔහු මියගිය බව පවසමින් දරුවාගේ දෙමව්පියන් විසින් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කෙරුණි.

Continue Reading

පුවත්

නව අභියාචනාධිකරණ විනිසුරන් තිදෙනෙක් දිවුරුම් දෙති

Published

on

By

අභියාචනාධිකරණයට නව විනිසුරන් තිදෙනෙක් පත් කරනු ලැබ ඇති අතර,  ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ.

ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර,  කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved