Connect with us

පුවත්

නිව් ඩයමන්ඩ් – එක්ස්ප්‍රස් පර්ල් අනතුරු ගැන හොයන්න විශේෂ කාරක සභාවක්

Published

on

අද (06) පාර්ලිමේන්තුවේ දී නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව විමර්ශනය කිරීම සහ අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නම් කර ඇති බව කථානායකවරයා සඳහන් කර සිටියේය.

ආචාර්ය සුරේන් රාගවන්, ඩයනා ගමගේ, මහාචාර්ය ජී.එල් පීරිස්, නීතිඥ රවුෆ් හකීම්, විජිත හේරත්, ආචාර්ය සරත් වීරසේකර, නිරෝෂන් පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, නිමල් ලන්සා, තුෂාර ඉඳුනිල්, වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන, අකිල එල්ලාවල, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ හා නීතිඥ මධුර විතානගේ යන මන්ත්‍රීවරුන් මෙහි සෙසු සාමාජික සාමාජිකාවන් වේ.

පුවත්

ASP ගේ පක්ෂය දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයන්ට වෙන් කරයි 

Published

on

By

ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතා නායක්තවය දරණ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් මෙවර උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වලට දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට සහය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය  අමාත්‍යවරයකු ද වන කේ. කාදර් මස්තාන් මහතා අදාළ ලයිස්තු සකස් කිරීමේ පෙරමුණ ගෙන කටයුතු කළ බව පැවසේ.

මේ පක්ෂය සඳහා ද මුදල් යොදවනු ලබන්නේ රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා රාශියක හිමිකරුවකු වන දෙමළ ජාතික ව්‍යාපාරිකයකු බව වාර්තා වේ.

Continue Reading

පුවත්

දිස්ත්‍රික්ක 9කට නායයෑම් අනතුරු ඇඟවීම්

Published

on

By

දිවයින ආශ්‍රිත වායුගොලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව, ඊයේ (10) පෙරවරු 8.30 සිට අද (11) අළුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එය මිලිමීටර 196.5කි.

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයට මිලිමීටර් 173.5ක වර්ෂාපතනයක්ද, කළුතර වොගන් වතුයාය ප්‍රදේශයට මීලිමීටර් 163.5ක වර්ෂාපතනයක් ද ලැබී තිබේ.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

හයිලෙවල් පාරේ කොටසක් ජලයෙන් යටවෙයි

Published

on

By

පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved