Connect with us

පුවත්

නීතිපති තීන්දුව, වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි වගෙයි – PWJA

Published

on

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට වත්මන් නීතිපතිවරයා විසින් සිදුකර ඇති නිර්දේශය ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය තරයේ හෙළාදකින බව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

නීතිපති තීන්දුව, වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි වගෙයි යැයි කියන එම සංගමය පසුගිය කාලය තුළ උතුරේ, දකුණේ මෙන්ම නැගෙනහිරත් ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන්ගේ ඝාතකයන් කඩිනමින් නීතිය හමුවට ගෙන ආ යුතුව තිබියදී, මෙවැනි නිර්දේශයක් කිරීම ගැනද ඔවුන් සිය විරෝධය දක්වා තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

එම සැකකරුවන් නිදහස් කිරීම පමණකින් නොනැවතී ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන නොයන ලෙසත් සඳහන් කරමින් නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ අත්සනින් නිකුත්ව ඇති ලිපිය සම්බන්ධයෙන් බරපතල සැකයක්ද අපට මතුව තිබේ.

ඒ කාලයක් මුළුල්ලේ ආණ්ඩු හැසිරවූ යටි ආණ්ඩු නැවතවරක් ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත්ද යන බරපතල සැකය නිසාය.

එසේම මෙය නිදහස්, සත්‍යවාදී මාධ්‍යවේදීට සිදු කළ අනතුරු ඇඟවීමක්ද යන්න පිළිබඳව ද මේ නීතිපති තීන්දුවත් සමඟ නැවත සිතා බැලීමට සිදුව තිබේ.

ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාතික ජනබලවේගය කියා තිබුනේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සිවරාම් ඇතුලුව ඝාතන 7 ක් පිළිදව කඩිනම් පරික්ෂණ සිදු කරණ බවය.

එවැනි ප්‍රකාශිත පසුබිමක් තිබියදී නීතිපතිවරයාගේ මේ අත්තනොමතික ක්‍රියාව සම්බන්ධයෙන්ද සොයා බැලීමට කිට්ටුවෙන් නිරීක්ෂණය කිරීමට ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජාතික ජන බලවේග ආණ්ඩුවේ මූලිකයන් ඇතුළු එහි සාමාජිකයන්ට වගකීමක් වගවීමක් ඇතැයි අපි මතක්කර දෙන්නෙමු.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved