Connect with us

පුවත්

නීතිපති විශ්‍රාම ගිහින්

Published

on

නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය පසුගිය 27 වැනිදායින් අවසන් විය.

නීතීපති දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් පුරා සේවය කළ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් නීතීපති දෙපාර්තමේන්තුවේ තමන් සමඟ කාලයක් සේවය කළ හිතමිත්‍රාදින්ට හා සේවකයින් වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් පැවැත් වු බව වාර්තා වේ.

නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය මාස 06කින් දීර්ඝ කරන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදීම ව්‍යවස්ථාදායක සභාවට සිය නිර්දේශ ඉදිරිපත් කලේය.

කෙසේ වෙතත් එම අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයාගේ නිර්දේශයට අවසර ලබාදීම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්‍ෂෙප කරන ලදී.

ජනාධිපතිවරයාගේ නිර්දේශ පිළිගැනීම ව්‍යවස්ථාදායක සභාව එලෙස ප්‍රතික්‍ෂෙප කිරීම හේතුවෙන් නීතීපතිවරයාට සිය ධුරයෙන් විශ්‍රාම යෑමට සිදුවිය.

සබැඳි පුවත්

නීතිපතිගේ සේවා දිගුව යළි ව්‍යවස්ථාදායක සභාවට !

නීතිපතිගේ කාලය දිගු කිරීමට ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

නීතිපතිගේ වැඩේ අද සලකා බැලේ!

නීතිපතිගේ සේවා දිගුව ඡන්දයකට කල් යයි

පුවත්

මස්තාන් හා රිෂාඩ්ගේ ආධාරකරුවන් අතර ගැටුම (වීඩියෝ)

Published

on

By

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආධාරකරුවන් හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර පෙරේදා (11) රාත්‍රියේ වවුනියාව, පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ ඇති වු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් ගේ අවසන් ප්‍රචාරණ රැලිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවැති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ ප්‍රචාරණ රැස්වීමක්ද අදාළ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව පැවතිණ.

රැස්වීම වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ ආධාරකරුවන් ගමන් කරමින් සිටියදී මස්තාන් ගේ ආධාරකරුවන් රිෂාඩ් බදියුදීන් ගමන්ගත් වාහනය වෙත පහරදී තිබිණ.

අදාළ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගත් අතර, වවුනියාව පොලිසිය හා නෙලුක්කුලම පොලිසිය මැදිහත්ව ගැටුම සමථයකට පත් කළ බවද පැවසේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

රනිල්ගේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂගෙන් ඡායාරූප ශිල්පියකුට මරණ තර්ජන

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තමාට දුරකතන මගින් මරණීය තර්ජන සිදුකළ බවට එම මාධ්‍ය අංශයේ මේ වනවිට සේවය කරන ඡායාරූප ශිල්පියකු කහතුඩුව පොලිසිය වෙත ඊයේ (12) පැමිණිල්ලක් සිදුකර ඇත.

මෙම තර්ජනය පෙරේදා (11) රාත්‍රියේදී සිදුව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු කළ සොයාබැලීමකදී ජනාධිපති මාධ්‍ය අංශයේ තිබූ ඩ්‍රෝන කැමරාවක් ඇතුළු උපකරණ කිහිපයක් අස්ථානගතව ඇති අතර ඒ සම්බන්ධයෙන් ආයතන මට්ටමින් විගණනයක්ද අරඹා තිබිණි. 

කෙසේ වෙතත් එම විමර්ශනය සිදුවන අතරතුර පෙරේදා රාත්‍රියේ ජනාධිපති මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියාට දුරකතන ඇමතුමක් ගත් හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ගැන තොරතුරු දෙන්නේ තමන් බවත් තමාව කෑලි කෑලිවලට කපා දමන බවත් කියමින් තර්ජනය කළ බව ඡායාරූප ශිල්පියා පොලිසිය හමුවේ සඳහන් කර ඇත. 

මෙම පැමිණිල්ලට අදාළ වැඩිදුර විමර්ශන කහතුඩුව පොලිසිය විසින් සිදුකෙරේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

2024 එයාර් ෂෝ චයිනා ඇර‍ඹේ

Published

on

By

2024 එයාර් ෂෝ චයිනා හෙවත් 15වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා හා අභ්‍යවකාශ ප්‍රදර්ශනය අද (නොවැම්බර් 12) දකුණු චීනයේ ග්වංඩොං පළාතේ ජූහායි නගරයේදී ආරම්භ විය.

රටවල් හා කලාප 47ක සමාගම් 1,022ක් එක්ව සිටින මෙවර ප්‍රදර්ශනයේදී, නවීන තාක්ෂණික නිෂ්පාදන රැසක් මහජනයා හමුවේ එළිදැක්වීමට නියමිතය.

නොවැම්බර් 17 වැනිදා දක්වා පැවත්වෙන මෙම ප්‍රදර්ශනයේ සෑම දිනකම හමුදා ජෙට් යානා ඇතුළු ගුවන් කරණම් කණ්ඩායම් විසින් සංදර්ශනද පැවැත්වීමට නියමිතය.

මේ අතර, චීනයේ චංග හය චන්ද්‍ර ගවේෂණ යානය මගින් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත කොටසේ සාම්පල හා එම යානයේ “ආපසු පැමිණීමේ කැප්සියුලය” ඇතුළු ප්‍රදර්ශන භාණ්ඩ රැසක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved