Connect with us

පුවත්

නීති විරෝධී වැඩ කළ ඉන්දීය ධීවරයෝ 202ක් නාවික හමුදාව අල්ලලා!

Published

on

පසුගිය වසරේදී නීති විරෝධී ධීවර කටයුතු කළ ඉන්දීය ජාතිකයින් 174ක් හා යාත්‍රා 25ක්ද, මේ වසරේ ගෙවුණ තුන්මස තුළ ඉන්දීය ජාතිකයින් 28 සමඟ ධීවර යාත්‍රා 04 ක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙම ඉන්දියානුවෝ බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැළීම, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හා ප්‍රවාහනය, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම, බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ නියැලීම, බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වියලි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය, නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ළඟ තබාගැනීම, කැස්බෑවන් ඇල්ලීම, තහනම් පන්නක්‍රම භාවිතය සහ නීති විරෝධී දැල් භාවිත කිරීම යනාදී නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

එසේම මෙවැනි නීති විරෝධී කටයුතු හේතුවෙන් 2022 වර්ෂයේදී දේශීය පුද්ගලයින් 150 ක් සමඟ ධීවර යාත්‍රා 55 ක් ද, 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් දේශිය පුද්ගලයින් 94 ක් සමඟ ධීවර යාත්‍රා 31 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත් 2022 ජනවාරි මස 01 වැනිදා සිට මේ වසරේ (2023) අප්‍රේල් 06 වැනිදා වූ කාලය තුළ තුළ උතුරු මුහුදේ සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීති විරෝධී ධීවර කටයුතු සිදු කළ දේශීය හා විදේශීය පුද්ගලයන් 486ක් සහ ධීවර යාත්‍රා 115ක් අත්අඩංගුවට ගෙන ඇත. 

එසේම ධීවර ආම්පන්න රැසක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් 2022 වර්ෂයේ දේශීය සැකකරුවන් 29 සහ ධීවර යාත්‍රා 07 ක්ද 2023 වර්ෂයේ මේ දක්වා දේශීය සැකකරුවන් 11 සහ ධීවර යාත්‍රා 05 ක්ද නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය ක‍ටයුතු සඳහා යොමු කර ඇත.

මූලාශ්‍රය – සිළුමිණ

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved