Connect with us

පුවත්

නුවරඑළිය ගොල්ෆ් පිටියේ ඉපැරණි රූස්ස ගස් විනාශ කිරීම ගැන පොලිස් විමර්ශන

Published

on

නුවරඑලිය ගෝල්ෆ් ක්‍රිඩාංගණයේ වසර 100 වඩා ඉපැරණි ගාන්ඩිස් ඇතුළු නුවරඑලිය ප්‍රදේශයට ආවේනික වු රුස්ස ගස් පනහක බඳෙහි පොතු ගලවා කළු තෙල් තවරා ගස් විනාශ කිරිමට සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නුවරඑලිය මුලස්ථාන පොලිස් ස්ථානයේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් නුවරඑලිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ පාලන අධිකාරියට එරෙහිව පැමිණිලි දෙකක් මේ වන විටත් ලැබී ඇති බවය.

නුවරඑලිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් මෙම පැමිණිලි ලැබි ඇති අතර, පැමිණිලි සම්බන්ධයෙන් හක්ගල උද්භිත උද්‍යානයේ නිලධාරින්ගෙන් ගස් විනාශ වි ඇත්ද යන්න පිලිබදව වාර්තාවක් කැඳවන බවද ඔහු සඳහන් කලේය.

නුවරඑලිය මහ නගර සභාව සහ නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් වසර 99 ක් සදහා බදු පදනම යටතේ නුවරඑලිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය වෙත ලබා දී ඇති ඉඩමෙහි වගා කර තිබු රූස්ස ගාන්ඩිස් සහ නුවරඑලිය ආවේනික රුස්ස ගස් 50 ක් ඉතා සුක්ෂම ලෙස විනාශ කිරීම සඳහා ගස් වල බඳෙහි පොතු ගලවා කළු තෙල් ගල්වා තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට (21) දින නුවරඑලිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා, වනජීවී දෙපාර්තුමේන්තුව, දැව සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, හක්ගල උද්භිත උද්‍යානයේ නිලධාරීන් ගොල්ෆ් ක්‍රීඩා පිටියේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී තිබුණි.

එම චාරිකාවෙන් අනතුරුව අදාළ රාජ්‍ය ආයතන විසින් වෙන් වෙන් වශයෙන් ක්‍රීඩා සමාජයේ පාලන අධිකාරියට එරෙහිව නෛතික පියවර ගැනිමට තිරණය කර තිබේ.

අදාළ ආයතනවල නිලධාරීන් මෙම ක්ෂේත්‍ර චාරිකාවේ නියැලුණේ නුවරඑලිය ප්‍රදේශයේ කිසිදු අවධානමක් නොවන ගස් කපා දැමිමට අවසර ලබා නොදිම හමුවේ ගොල්ෆ් ක්‍රිඩා සමාජයේ පාලන අධිකාරිය විසින් අවධානමක් නොවන රුස්ස ගස් පනහක් ඉතා සුක්ෂම ලෙස විනාශ කිරිමට කටයුතු කර තිබිම සම්බන්ධයෙන් (21) දින මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමත් සමඟය.

නුවරඑලිය මහ නගර සභාව විසින් බදු ලබා දි තිබෙන ඉඩමේ ඇති නිශ්චල සහ චංචල දේපල වලට කිසිදු හානියක් සිදු නොකරන ලෙසට කොන්දේසි පනවා තිබියදී එම කොන්දේසි උල්ලංඝනය කර රුස්ස ගස් විනාශ කර ඇති බවත්, එසේ විනාශ කර ඇති ගස් යළි ප්‍රතිස්ථාපනය කළ නොහැකි බවත් ක්ෂේත්‍ර චාරිකාවට එක් වු රාජ්‍ය ආයතන නියෝජනය කළ නිලධාරින් පවසා තිබේ.

ගොල්ෆ් ක්‍රිඩා පිටියේ තෘණ මත රුස්ස ගස් වල කොළ වැටීම මෙන්ම, එම ක්‍රිඩා පිටියේ සේවය කරන කාර්ය මණ්ඩලයට සහ සේවකයින්ට නේවාසිකාගාරයක් ඉදි කිරිමේ අරමුණින් මෙසේ රුස්ස විනාශ කිරිමට එහි පාලන අධිකාරිය පියවර ගෙන ඇති බව නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් ප්‍රදිප් දලන්සුරිය මහතා සඳහන් කරයි.

නුවරඑලිය නගර මධ්‍යයේ පිහිටි අක්කර 300 ක වපසරියකින් යුත් වටිනාකමින් ඉහල මෙම ඉඩම කොළඹ ප්‍රදේශයේ සීමිත ඉහළ පැලැන්තියේ පිරිසකගේ විනෝදාස්වාදය සඳහා දිර්ඝ කාලින බදු පදනම මත ලබා දී ඇති බවත්, ඒ තුළින් දේශීය සංචාරක කර්මාන්තයට හෝ නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් නුවරඑලිය ප්‍රදේශයේ පරිසරවේදීන් පෙන්වා දෙයි.

සබැඳි පුවත්

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved