Connect with us

පුවත්

නෙට් එක හරහා මූල්‍ය වංචා කළ චීන, ඉන්දීය හා තායිලන්ත ජාතිකයන් පිරිසක් අල්ලයි

Published

on

අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි හෝටලයක් සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල ලිපිනයේ පිහිටි පුද්ගලික ආයතනයක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකින් අනතුරුව මෙම විදෙස් ජාතික සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම පිරිස සමාජ මාධ්‍ය ජාල සහ දුරකථන ඇමතුම් මගින් මූල්‍ය වංචා සිදුකර ඇති බව අනාවරණ වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අතර චීන ජාතික පිරිමි පුද්ගලයින් 29ක්, චීන ජාතික කාන්තාවක්, ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් තිදෙනෙක්, තායිලන්ත ජාතික පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් හා කාන්තාවන් සිව් දෙනෙකු සිට ඇත.

ඔවුන් සන්තකයේ තිබී මූල්‍ය වංචාවන් සඳහා යොදා ගත් ජංගම දුරකථන 499ක් ලැප්ටොප් 24ක් හා ඩෙක්ස්ටොප් 29ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී මොවුන් විසින් Investment Scam, Pig butchering Scam යන ක්‍රම ඔස්සේ ද මූල්‍ය වංචාවල යෙදී සිට ඇති බව නිරීක්ෂණය වී තිබේ.

එමෙන්ම මෙම සැකකරුවන් විසින් නැගෙනහිර ආසියානු රටවල් වන චීනය, ඉන්දුනීසියාව හා තායිලන්තය වැනි රටවල් වල පිරිස් මෙන්ම දකුණු ආසියානු රටවල් වල තැන්පත්කරුවන් ද එම වංචාවට හසුකරගෙන ඇති බව නිරීක්ෂණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යාන්තර පොලීසිය හා යුරෝපොල් මගින් ද අවශ්‍ය සහාය ලබා ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved