සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරී හා වගකීම් අකුරටම ඉටුකිරීම ප්‍රශංසනීය කරුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති හමුවකදීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරී හා වගකීම් අකුරටම ඉටුකිරීම ප්‍රශංසනීය කරුණක් බව අමාත්‍යවරයා එහිදී සඳහන් කලේය.
ඔවුනට බලපාන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තුළින් වැඩ වර්ජන, උද්ඝෝෂණවලින් තොරව සේවය මුලික කර ගනිමින් ක්‍රියා කළහැකි පරිසරයක් නිර්මාණය කරගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ සඳහා ගත හැකි නීත්‍යානුකූල සහ සාධාරණ සියලු ක්‍රියාමාර්ග ගැනීමට තමා නොපැකිළිව ක්‍රියා කරන බව නලින්ද ජයතිස්සා මහතා අවධාරණය කලේය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බව සඳහන්ය.
වෘත්තීය සමිති සමඟ පවත්වන විශේෂ සාකච්ඡා මාලාව යටතේ වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සමඟ පසුගිය දින කිහිපයේ ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා මාලාවක් අමාත්‍යවරයා පැවැත්වීමට නියමිත්ය.
ඊට සමස්ත ලංකා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් සහ විමර්ශන නිලධාරීන්ගේ සංසදය, සමස්ත ලංකා දුරකථන ක්‍රියාකරුවන්ගේ සංගමය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සමග ද අමාත්‍යවරයා පසුගිය දා සාකච්ඡා මාලාවක් පැවැත්වූ බව, සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.
එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් ඉදිරිපත් කරන ලද බොහොමයක් වෘත්තීය ගැටලු සහ යෝජනාවන් ඉතා සාධාරණ බව පැවසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එම ගැටලුවලට විධිමත්, සාධාරණ විසඳුම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියාසිටියේය.
ශ්‍රී ලංකාව තුළ පැවති මැලේරියාව, බරවා, නවජන්ම පිටගැස්ම, පෝලියෝ, මවගෙන් දරුවාට HIV වෛරසය සම්ප්‍රේෂණය වීම වැනි රෝග තත්ත්වයන් මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය සේවාවේ තම රාජකාරී කටයුතු නිබදව ඉටුකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අපරිමිත කැපවීම, උත්සහය මත හැකියාව ලැබී තිබේ.
එමෙන් ම මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව සංවර්ධිත රටවල ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවට සමාන අයුරින් ක්‍රියාත්මක වන බවත් එම තත්ත්වයට මෙරට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකසා දෙන මෙරට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තම ප්‍රසාදය පළකර සිටින බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.