Connect with us

පුවත්

නෙවිල් සිල්වා යළි රිමාන්ඩ්

Published

on

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා දෙසැම්බර් 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට රත්නපුර අතිරේක මහෙස්ත්‍රාත් දුනීසා හේසානි රුද්‍රි මහත්මිය නියෝග කළාය.

රුපියල් කෝටි 14ක් වටිනා මැණික් සහ වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒකපාර්ශිකව පැමිණිලිකරුට ලබාදීම ගැන අත්අඩංගුවට ගත් සැකකාර නෙවිල් ද සිල්වා මහතාට එල්ල වී ඇති චෝදනාවය.

2023 වසරේ අගෝස්තු 2 වනදා කුරුවිට මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14ක් පමණ වටිනා දේපොළ බලහත්කාරයෙන් ලබාගත් බවට පැමිණිල්ලක් කර තිබු බව එම පැමිණිල්ලට අනුව සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒකපාර්ශ්වික ලෙස කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණලි අංශයට ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරිවරයාව පසුගිය දෙසැම්බර් 9 වන දා අත්අඩංගුවට ගෙන පසුව රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා විවෘත අධිකරණයයේදී සඳහන් කළේ, නිසි විමර්ශනයකින් තොරව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය.

මැණික් ව්‍යාපාරයක් සඳහා යොදවන ලද රුපියල් කෝටි 14ක මුදලක් ආපසු නොදි වංචා කිරීම ගැන නුගේගොඩ ප්‍රදේශයේ අයෙකු මුලින් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබු බවත් එහි විමර්ශන අනුව බි19536/23 යටතේ නුගේගොඩ අධිකරණය වෙත කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු ඉදිරිපත් කර තිබු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය ට කරුණු ඉදිරිපත් කලේය.

එම පාර්ශව දෙක දීර්ඝ කාලයක් මැණික් ව්‍යාපාරයේ යෙදී ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන අතරතුරදී කුරුවිට මැණික් ව්‍යාපාරිකයා සැඟවී ඇති බවට නුගේගොඩ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබු බවද ජනාධිපති නීතීඥවරයා පැවසීය.

පසුව ඔවුන් දෙදෙනා එකඟතාවයකට පැමිණ ඇතැයි ද සඳහන් කළ ජනාධිපති නීතීඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන නිසියාකාරව සිදුනොකර සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි සැකකරුගේ නීතීඥවරුන් සඳහන් කලේය.

අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ,සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒකපාර්ශකවික ලෙස කටයුතු කර ඇති බවට අනාවරණය වු බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ල අනුව නිසිලෙස විමර්ශන කටයුතු සිදුකර ඇතැයි එම නිලධාරින් අධිකරණයට පැවසූහ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved