පුවත්

නොරොච්චෝලේ 03 වන ඒකකය දින 100ක් අක්‍රියයි

Published

on

මේ වසරේ ජුනි 13දා සිට දින 100ක කාලයක් පුරාවට නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය අක්‍රිය කර තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ, සිදුකිරීමට නියමිත ප්‍රධාන අලුත්වැඩියා නඩත්තු කටයුතු සඳහා මෙලෙස මෙම ඒකකය අක්‍රිය කෙරුණද, අදාල කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බවත්, අනෙකුත් තාප විදුලිබලාගාර සමඟ කළමනාකරණය කරගනිමින් අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.

අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ තවද දැක්වෙන්නේ මේ වන විට නොරොච්චෝලේ බලාගාරයට 30 වන ගල් අඟුරු තොගයද ගොඩබාමින් සිටින බවත්, ඒ සමඟම මෙම වාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු සම්පූර්ණ වී ඇති බවත්ය.

ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ මාධ්‍ය වාර්තා කළ පරිදි ගල් අඟුරු හිඟයක් හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

Trending

Exit mobile version