Connect with us

පුවත්

පක්ෂ නායකත්වයෙන් ශ්‍රීධරන් ඉල්ලා අස්වෙයි

Published

on

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායකයා ලෙස තේරී පත්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සිවඥානම් ශ්‍රීධරන් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

මේ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මාවයි සේනාධිරාජා හා පක්ෂයේ පාලනාධිකාරිය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද පැවසේ.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වන ඉලංකයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා නියෝජිතයන් අතරේ ඡන්ද විමසුමක් සිදුවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එම්.ඒ. සුමන්තිරන් හා සිවඥානම් ශ්‍රීධරන් අතරේය. මේ අනුව සිවඥානම් ශ්‍රීධරන් වැඩි ඡන්දයෙන් පක්ෂ නායකත්වයට තේරීපත්විය.

කෙසේ වෙතත් පක්ෂයේ ජාතික මහා සම්මේලනය පසුගියදා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට සූදානම්කර තිබුණු අතර නව නායකයා නිල වශයෙන් පත්කිරීමද මෙදින සිදුකිරීමට නියමිතව තිබිණි.

මේ අතර, ඉලංකයි තමිල් අරසු පක්ෂය මධ්‍යම කාරක සභාව රැස්වූ ආකාරයත් නායකත්වය තෝරාගත් ආකාරයත් පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව කියමින් පක්ෂ නියෝජිතයකු විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවකට අනුව ලබාදුන් තහනම් නියෝගයක් මත පක්ෂ ජාතික මහ සම්මේලනය පැවැත්වීමට නොහැකි විය.

මේ ගැටුම්කාරී තත්ත්වය මැද තම පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි වීමත් ඒ හේතුව මත තමන් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවත් ලබන (05) පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා යළි නායකයා පත්කර ගන්නා ලෙසත් ඉල්ලමින් ශ්‍රීධරන් මන්ත්‍රිවරයා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

කෙසේ නමුත් පක්ෂ නායකත්වය සඳහා පවත්වන ඊළඟ ඡන්දයටද තමා ඉදිරිපත් වන බවද ඔහු දැනුම් දී ඇත.

මූලාශ්‍රය – අරුණ

සබැඳි පුවත්
දෙමළ ජාතිකත්වයට වැඩි හයියක් දෙමින් ශ්‍රීධරන් TNA මුල් පුටුවට

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved