ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගුවීම හේතුවෙන් පාකිස්ථානයෙන් ආනයනය කළ මිරිස් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මිරිස් කන්ටේනර් 25 ක් ඒ අතර වන බවද වාර්තා වේ.
එම මිරිස් තොගය මෙරට ව්‍යාපාරිකයින් පිරිසක් විසින් සිදු කර තිබේ.
මේ අතර ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආහාර පාලන ඒකකය දුරකතන අංකයක් හඳුන්වාදී තිබේ.
එවැනි ගැටලු සඳහා 0112 112 718 දුරකථන අංකය අමතා තොරතුරු ලබාදීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආහාර පාලන ඒකකය සඳහන් කරයි .