Connect with us

පුවත්

පඬුකරඳ ගස වළදැමූ තැනට පොලිස් ආරක්ෂාව ‌‌දෙන්නැයි නියෝගයක්!

Published

on

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ තිබූ වඳ වී යන දුර්ලභ ගණයේ ශාක විශේෂයකට අයත් පඬුකරඳ ගසක් හොරෙන් කපා වල දමා ඇති බව කියන ප්‍රදේශයට වහාම පොලිස් ආරක්ෂාව සපයන ලෙසට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි බෙම්මුල්ල පොලීසියට නියෝග කර තිබේ.

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ එම ගස වලදමා තිබෙන ස්ථානය ස්ථිරවම හඳුනා ගෙන එය ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.
`
ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත වෙත අදාළ නියෝගය නිකුත් කර ඇත.

දාරළුව ප්‍රදේශයේ තිබූ එම පඬුකරඳ ගස කපා ඉවත් කර ඇති බව පවසමින් ගම්පහ දිසා වන කාර්යාලය මගින් බී වාර්තාවක් මගින් මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

එම නඩුව ඊයේ නැවත කැඳවූ අවස්ථාවේ පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් අභියාචනාධිකරණයේ තීන්දුවකට පිටු පාමින් විනාඩි අටක් වැනි කෙටි කාලයක් තුළ මෙම දුර්ලභ ගණයේ ගස හොරෙන් කපා වල දමා ඇති බව අධිකරණයට දන්වා සිටියේය.

පඬුකරඳ ශාකය වඳ වී යන ශාඛ වර්ගයක් බවට රතු දත්ත පොතේ සඳහන් කර ඇති බවත් කැබිනට් තීරණයකට අනුව නීති විරෝධීව මෙම ගස හොරෙන් කපා වල දමා ඇති බව දැන ගන්නට ලැබී ඇති බවත් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මෙහිදී අධිකරණය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත  කැබිනට් තීරණයකට අනුව ගස කපා ඉවත් කළ බව මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා තමන්ට දැනුම් දුන් බව හෙළිකළ‌ේය.

ඊයේ උදෑසන අතිරේක වන සංරක්ෂක ජනරාල්වරයා විද්‍යූත් තැපෑලෙන් ඒ බව දන්වා සිටි බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.

එම ගස නැවත ගොඩ ගැනීමක් සිදු කරන්නේනම් ඒ සඳහා අවශ්‍ය සම්පත් යන්ත්‍ර සූත්‍ර තම දිසා වන කාර්යාලය සතුව නොමැති බවද දිසා වන නිලධාරීවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ගස කපා වල දමා ඇති ස්ථානය පිළිබඳ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා දැනුම්වත්ව සිටින හෙයින් එම ගස ගොඩ ගැනීම සදහා නිෂ්චිත ස්ථානය හඳුනා ගෙන ලබන 24 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරිය ගම්පහ දිසා වන නිලධාරීවරයාට මෙහිදී නියෝග කළ‌ේය.

උදාසීන තත්වයකින් තොරව නියෝග වහා ක්‍රියාත්මක කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය දන්වා සිටි අතර නඩුව නැවත කැදවීම මේ මස 24 වනදාට කල් තැබිණි.

සබැඳි පුවත්
දාරළුවේ “පඬුකරඳ” ගහ කැපුවේ කැබිනට් අනුමැතියට අනුව! (වීඩියෝ)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved