Connect with us

පුවත්

පදනම් විරහිත ප්‍රකාශ ගැන විවෘත සංවාදයකට සියඹලාපිටියගෙන් ඇරයුම්

Published

on

ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දෙවසර තුළ ගෙන ගිය නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඍණාත්මක හා පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශ සිදු කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආර්ථික පර්යේෂණ ආයතන විද්වතුන්ට,  සුදුසු වේදිකාවක් තුළ විවෘත සංවාදයකට ඇරයුම් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය. 
ජනාධිපතිවරණයක් කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණ පිළිබඳ ඇති බලවත්ම තීරණය බව අප දන්නවා. එවැනි වකවානුවක මීට වසර දෙකකට පෙර රට තිබූ තත්ත්වය සහ අද තත්ත්වය සංසන්දනය කරන වේදිකාවක් නිර්මාණය විය යුතුයි. රජයක වගකීම වන්නේ ජනතාවගේ ආරක්ෂාව, සුබසාධනය සහ සංවර්ධනයයි. ඒ නිසා මෙම තීරණාත්මක මෙහොතේ යම් සංවාදයක් ගොඩ නැඟිය යුතුව තිබෙනවා. 

ඒ වගේම ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩ ගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දෙවසර තුළ සිදුකරන ලද සාධනීය කාරණා තුළින් රට නිවැරදි මාවතට ගෙන ඒමට හැකියාව ලැබුණා.  ඒ සම්බන්ධයෙන් ඍණාත්මක කරුණු ඉදිරිපත් කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආර්ථික පර්යේෂණ ආයතන විද්වතුන් සිදු කරනු ලබන පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සුදුසු වේදිකාවක් තුළ විවෘත සංවාදයකට ඇරයුම් කරනවා.

පසුගිය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ජනාධිපතිවරයා ගත් සාධනීය පියවර පිළිබඳ දීර්ඝ ලෙස කරුණු දැක්වීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා ඕනෑම අවස්ථාවක සූදානම් බව ද කිවයුතුයි. 

එසේම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම සිදු කෙරුණා.  ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 7%ක සහන  පොලියක් යටතේ මෙම ණය ලබාදීම සිදුවන අතර ඒ සඳහා  රුපියල් බිලියන 50ක් වෙන් කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව කිවයුතුයි. 

මේ යටතේ ඔවුන්ට රුපියල් මිලියන 10ක උපරිමයකට යටත්ව ණයක් ලබා ගත හැකියි.  ඒ වගේම කුඩා තේවතු සංවර්ධනය සඳහා රුපියල් බිලියන 06ක් ලබාදෙනවා. කාන්තා ව්‍යවසායිකාවන් සඳහා රුපියල් බිලියන 02ක් ලබාදීම සිදු කෙරෙනවා. 

එමෙන්ම ණය සුරුකුම් ආයතනයක අවශ්‍යතාවක් පවතිනවා. මෙම ණය මුදල හරහා ණය සුරකුම් ආයතනයක් ඉදිරි ඔක්තොම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි. තමන්ට ඇපයක් තබාගැනීමට නොහැකි වූ අවස්ථාවක මෙම ආයතනයේ උදව් උපකාර ඇතිව කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. 

ඒ වගේම වාහන ආනයනයේ දී බලපා තිබෙන සියලූම අංශවලට අදාළ කරුණු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. මෙම ජූලි මස  මුල් සතියේ දී ඔවුන් රැස්වුණා. ඒ අනුව අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අනතුරුව වාහන ආනයනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් යම් ආරම්භයක් ලබාදීමට සූදානමක් තිබෙනවා. 

තව ද රේගු පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. එහි සම්මුඛ පරීක්ෂණ ජූලි මස 26 සහ 27 දිනවලදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීමේ ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කෙරෙනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. මෙම බඳවා ගැනීම විනිවිද භාවයෙන් යුක්තව සිදු කෙරෙන බව කිවයුතුයි.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved