පුවත්

පනත ගේන්න අත උස්සපු මට නඩු දැම්මා

Published

on

අල්ලස් දූෂණ පනත ගේන්න ඡන්ද දීපු කෙනෙකු ලෙස‍ෙ පළවෙනියට නඩු තුනක් දමා තිබෙන්නේ තමාට බව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, රක්ෂිත බන්ධනාගාරයේ සිටිමින් අද (08) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු සැසිය අමතමිනි.

අල්ලස් දූෂණ පනතේ පලවෙනියට නඩු තුනක් කඩලා දාලා තියෙන්නේ මට.ලස්සනට දාලා තියනවා 2016 පැමිණිල්ල.2019 කට උත්තරය.2019 මම ගිහින් කට උත්තරය දෙනෙකොට මට කිවුවා සර් මෙකට නඩුවක් නැහැනේ කියලා.2025 මට එන්න කිවුවා 27 වෙනිදා ගියා.මම කටඋත්තර දෙනකොට මැසේජ් එක යනවා 11 විතර ගියා චාමර සම්පත් අත්අඩංගුවට අරන් කියලා.එක නඩුව තුනට කඩලා දැම්මා.නඩු දෙකේ ඇප දුන්නට පස්සේ ඒ නඩුවේ චෙක් එක අරන් ගිහින් දානව පැමිණිල්ලක් cඉඩ් එකට.අට ඇප දෙනවා කියලා දැනගෙන……චාමර සම්පත්ට කරනවා වගේ කරන්න.ඒක තමයි මම කිවුවේ අනුන්ගේ කලිසම තමන්ගේ වගේ ඇදගෙන පාරේ යනවා කියලා…..

Trending

Exit mobile version