Connect with us

පුවත්

පරාතේ බලතල තාවකාලිකව අත්හිටුවන්නැයි යෝජනාවක්

Published

on

ණය ලබා ගන්නා පුද්ගලයන්ගේ දේපළ අත්පත් කර ගැනීමට බැංකු ඇතුළු ණය දෙන ආයතන වලට ඇති පරාතේ  බලතල තාවකාලිකව නැවැත්වීමට කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ලබන සඳුදා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

බැංකු පද්ධතිය ආරක්ෂා කරගෙන පරාතේ  බලතල කිසියම් සීමාසහිත කාලයකට නතර කිරීමට වැඩපිළිවෙලක් හඳුන්වා දෙන බව ද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ රටේ තත්ත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැක ගැනීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා  ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට විවිධ චක්‍ර ලේඛ 15ක් නිකුත් කර ඇති බවද  ප්‍රකාශ කළේය.

පරාතේ බලතල සම්බන්ධයෙන් රටේ  කතා බහක් ඇතිවී තිබෙන බවත් එම නීති හඳුන්වා දී ඇත්තේ බැංකු පද්ධතියේ ආරක්ෂාව සඳහා බවත්  රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

(ලංකාදීප)

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved