Connect with us

පුවත්

පරිපුරක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හෙට වර්ජනයක

Published

on

පරිපුරක වෛද්‍ය සේවාවට අදාළ වෘත්තීන් 05ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හෙට (24) දිනයේ දී සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉල්ලීම් 07ක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

එහි දී අදහස් දැක්වූ චානක ධර්මවික්‍රම මහතා මෙසේ කීය.

”පරිපූරක වෛද්‍ය සේවාවට අදාළ වෘත්තීන් 05ක් හෙට දවසේ උදෑසන 08 සිට සිකුරාදා උදෑසන 08 දක්වා පැය 24ක වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට තීරණය කරලා තිබෙනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ විද්‍යා තාක්ෂණවේදී වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන් ඒ එක්කම භෞත චිකිත්සක වෘත්තිකයන්, වෘත්තීය චිකිත්සක වෘත්තිකයන් කියන වෘත්තීය කණ්ඩායම් පහ සම්බන්ධ වෙනවා. එතකොට මේ වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න මේ වෘත්තීය සංගම් තීරණය කළේ, ඔවුන්ගේ ඉල්ලීම් 07ක් වෙනුවෙන්. මේ ඉල්ලීම් අතර තිබෙනවා බඳවාගැනීමේ පටිපාටිය අනුමත කිරීම දිගින් දිගටම ප්‍රමාද කරනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගය හින්දා සී.ටී පරීක්ෂණ, එක්ස්-රේ පරීක්ෂණ, එම්.ආර්.අයි පරීක්ෂණ, සියලු රසායනාගාර පරීක්ෂණ සේවා. ඒ වගේම ඖෂධ බෙදාහැරීම, නිකුත් කිරීම කියන සේවාවන් සියල්ල අඩපණ වෙනවා”

පුවත්

ඉදිරි මාස දෙකේ සුනඛ සංගණනයක්

Published

on

By

ඉදිරි මාස දෙක තුළ මෙරට සිටිනා සුනඛයන් සංගණනය කිරීමක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජලභීතිකා මර්දන ඒකකය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය මත මෙම සංගණනය සිදුකරන බවත් ඊට අදාළ මූලික ව්‍යාපෘති යෝජනාව සකසා අවසන් කර තිබේ.මෙරට සිටින්නෙ ලක්ෂ තිහක පමණ සුනඛ ගහණයක් බවත් ඉන් වැඩි සුනඛයන් සංඛ්‍යාවක් සිටින්නෙ නිවෙස් තුළ ඇතිකරන සුනඛයන් ලෙස බව ජලභීතිකා මර්දන ඒකකය පවසයි.

මේ වනවිට මෙරට සිටින සුනඛයන් එන්නත්කරණය සහ වන්ද්‍යාකරනය අඛණ්ඩව සිදුකරනු ලබයි.

මෙරට නීතියට අනුව සුනඛයන් මරණයට පත් කිරීම තහනම් වන අතර සුනඛයන් එන්නත් කිරීමෙන් සහ වන්ද්‍යකරණය කිරීමෙන් සුනඛ ගහනය පාලනය කළ නොහැකි බව ජලභීතිකා මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

දඩාවතේ යන සුනඛයින්ට මහාමාර්ගවල කෑම බීම දීම අඩු කිරීමෙන් යම් තරමක පාලනයක් සිදු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Continue Reading

පුවත්

පොදු සමා කාලයේදී නාවිකයින් 1289 ක් බාර වෙයි

Published

on

By

2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් එක්දහස් දෙසිය පනස් හතර දෙනෙකු (1254) නාවික හමුදා කඳවුරු වෙතත්, විදේශ ගත නාවිකයින් තිස්පස් දෙනෙකු (35) මාර්ගගත ක්‍රමය ඔස්සේත් වශයෙන් නාවිකයින් 1,289ක් බාර වී ඇත.

පොදු සමා කාලසීමාව තුළදී නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි සහ දැනට විදේශගතව සිටින නාවිකයින් හට [සියළුම ශිල්පීය අංශ වලට අයත් නාවිකයින් (Artificers) සහ වෘත්තිමය වෛද්‍ය/ වෘත්තිමය දන්ත (Professional Medical/ Professional Dental) අංශයේ නාවිකයින් හැර] නැවත රපෝර්තු කිරීමකින් තොරව නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අවස්ථාව හිමි විය.

ඒ අනුව, 2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා කාලසීමාව තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් එක්දහස් දෙසිය පනස් හතර දෙනෙකු (1254) නාවික හමුදා කඳවුරු වෙතත් විදේශ ගත නාවිකයින් තිස්පස් දෙනෙකු (35) මාර්ගගත ක්‍රමය ඔස්සේත් වශයෙන් නාවිකයින් එක්දහස් දෙසිය අසූ නව දෙනෙකු (1289) බාර වී ඇති අතර, ඔවුන් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා කටයුතු සිදු කෙරෙමින් පවති.

Continue Reading

පුවත්

කළුතර බෝධිය වඳින්න ආ තරුණියක් අතුරුදහන්

Published

on

By

ඥාතීන් පිරිසක් සමග ඉකුත් 22 වැනිදා උදෑසන කළුතර බෝධිය වැඳ පුදා ගැනීමට පැමිණි 25 හැවිරිදි කාන්තාවක් අතුරුදහන් වීමේ සිද්ධියක් පිළිබඳව දකුණු කළුතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

තම බිරිඳ වන කාරියවසම් පොලතන්ත්‍රිලාගේ තරංගි නිලූෂිකා ද සිල්වා මෙසේ අතුරුදහන්ව ඇති බව කළුතර බොලොස්සගම ,බෝසෙවනගම පදිංචි මැදගම ලියනගේ දොන් ප්‍රභාත් කෝලිත යන අය පොලිසියට පැමිණිලි කොට තිබේ.

ඉකුත් 22 වැනිදා උදේ තම පියාත් ඥාතීන් කීප දෙනෙකුත් සමග බිරිඳ කළුතර බෝධිය වැඳ පුදා ගැනීමට ගිය බවත් ,එහිදී ඇය අවුරුදු 02 ක් වයසැති දියණිය ඥාති පිරිමි ළමයෙකු අතටදී වැසිකිළියට යන බව පවසා ගොස් ඇති බවත්, සෑහෙන කාලයක් ගතවීත් ඇය නොපැමිණි නිසා පිරිස ඇයව සොයා බැලුවත් ඇය බෝධි පරිශ්‍රයේ නොසිටි බව කියමින් පියා තමාට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.

වයස අවුරුදු 25 ක් වන ඇය උස අඩි 05 අඟවා 04 ක් වන තළෙළු අයෙකු බවත් අවසන් වරට හැඳ සිටියේ නිල් පැහැති ඩෙනිම් දිග කලිසමක් හා සුදු බ්ලව්සයක් බවත් ඔහු තම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved