Connect with us

පුවත්

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට විගණන කමිටුවක් නෑ!

Published

on

ප්‍රාදේශීය මට්ටමේ, දිස්ත්‍රික්ක මට්ටමේ, පළාත් මට්ටමේ සහ ජාතික මට්ටමේ පවතින ළමයින් සම්බන්ධ ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසදුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම උපදෙස් ලබාදුන්නේ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ පාසැල් නොපැමිණෙන ළමුන් පිළිබඳවද හදුනාගැනීමේ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම අවශ්‍ය වන බවයි. මේ නිසා කෙසේ හෝ මාසයකට වරක් හෝ මාස දෙකකට වරක් මෙම තොරතුරු පාසැල් මගින් ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. මේ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය සමගද සම්බන්ධවී මේ පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍ය වන බව ඒ මහතා පැවසීය. එසේම පාසැල් නොපැමිණෙන ළමයින් සම්බන්ධයෙන් ඉක්මනින් සොයා බලා කටයුත් කිරීම වැදගත් වන බවද කෝපා කමිටු සභාපතිවරයා පෙන්වාදුන්නේය.

තවද රුපියල් 2350000 ක පිරිවැයක් දරා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමට අදාළව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව වෙත කාලීන හා නිවැරදි වාර්තා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් 2018 වර්ෂයේදී මෙම දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති UNCRC දත්ත පද්ධතිය ප්‍රයෝජනයට නොගැනීම පිළිබදවද මෙහිදී අවධානය යොමු විය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් මෙම දත්ත පද්ධතියේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් පවතින බව පැවසීය.  මේ අනුව මෙම දත්ත පද්ධතිය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.

එසේම අණ පනත් යාවත්කාලීන කිරීම පිළිබඳවද කෝපා කමිටුව මෙහිදී පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසීම සිදු වූ අතර මේ පිළිබඳව දින වකවානු සහිත වාර්තාවක් අගෝස්තු මස 08 දින වන විට ලබාදීමට කෝපා කමිටුව උපදෙස් ලබාදුන්නේය.

තවද මෙම දෙපාර්තමේන්තුව සතුව විගණන කමිටුවක් නොමැති බවත් මෙහිදී අනාවරණය විය. එබැවින් මෙම මස 25 වැනිදා වන විට එම කමිටුව ස්ථාපිත කොට එහි සංයුතිය පිළිබඳවද කෝපා කම්ටුව දැනුවත් කරන ලෙස කෝපා කමිටුවේ සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.

එසේම නීති නිලධාරී තනතුර පුරප්පාඩුව පැවතීම පිළිබඳවත් ඒ වෙනුවෙන් නිලධාරියෙකු පත් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය. 

තවද ළමයින් සම්බන්ධ සිදුවීම් ජනමාධ්‍ය මගින් වාර්තා කිරීමේදී ළමා අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ළමයාගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව ද, අන්තර්ජාලයෙන් දරුවන් අපයෝජනය වැලැක්වීමට ගන්නා පියවර පිළිබඳව සහ ළමයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීමට ප්‍රමාද වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved