Connect with us

පුවත්

පරීක්ෂණ කට්ටල නැතිව PHIලා ප්‍රශ්න ගොඩක

Published

on

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට ස්ථානීය පරීක්ෂණ සිදුකරන කට්ටල ලබා නොදීම හේතුවෙන් ඔවුන් හට ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ඩබ්.ඩී. රෝෂන් කුමාර පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරන්නේ මීට දශකයකට පමණ ඉහතදී ඒවා ලබා දුන්නද මේ වන විට කිසිදු ස්ථානීය පරීක්ෂණ කට්ටලයක් තමන්ට ‍ලබා දී නොමැති බවයි.

ලුණු පැකට්ටුවක අයඩීන් තිබේදැයි පරීක්ෂා කිරීම වෙනුවෙන් ඇති පරීක්ෂණ කට්ටල පවා ලබා නොදීම හේතුවෙන් එවැනි සුළු පරීක්ෂණ වෙනුවෙන් පවා අධික වියදමක් වැය කර ආහාර සාම්පල රසායනාගාර වෙත යැවීමට සිදුව ඇති බව ඔවුන් සඳහන් කරයි.

එමෙන්ම වැටලීම් වලදී ආහාර ගබඩා කරන ශීතකරණවල උෂ්ණත්වය පරීක්ෂා කරන්නැයි උපදෙස් ලැබී තිබුණද ඒවා පරීක්ෂා කිරීම වෙනුවෙන් උෂ්ණත්වමානයක්වත් ලබා දී නොමැති බවත් ඇතැම් සෞඛ්‍ය නිලධාරි කාර්යාලයන්හි එම කාර්යාලයටම ඇත්තේ එක් උෂ්ණත්වමානයක් පමණක් බවද ඔවුන් පවසයි.

පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් පරීක්ෂණ පවා කිරීමට‍ වෙනත් රටවල ස්ථානීය පරීක්ෂණ කට්ටල පවතින බවද මෙරට මහජන ‍සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒවා ලබාදුනහොත් විශාල වියදමක් ඉතිරි කරගත හැකි බවද මහජන ‍සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති.

වර්ණක පරීක්ෂා කිරීම වෙනුවෙන් අදාළ සාම්පල ජලයේ දිය කර සැක කටයුතු සාම්පල රසායනාගාර වෙත යැවීම හැර වෙන කිසිවක් කිරීමට නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.

ඔවුන් තව දුරටත් කියා සිටියේ සැකකටයුතු සාම්පල එම අවස්ථාවේදීම පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් අනතුරුව රසායනාගාර වෙත යැවීමට පහසුකම් තිබේ නම් රසායනාගාරයන්හි තදබදය අඩු කරගැනීමටත් වියදම අඩු කරගැනීමටත් හැකිවන බවයි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved