Connect with us

පුවත්

පරීක්ෂාවකින් තොරව බහලුම් 371 ක් නිදහස් කළ බව රේගුව පිළිගනියි

Published

on

භෞතික පරීක්ෂාවකින් තොරව ඉකුත් ජනවාරි මස 18 වැනිදා බහලුම් 371 ක් නිදහස් කර ඇති බව රේගුව තහවුරු කර තිබේ.

ඒ “අරුණ’’ පුවත්පත තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන ලද විමසීමකදී ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති,සැලසුම් හා පර්යේෂණ අංශය), තොරතුරු නිලධාරී 11 කේ.කේ.ඩබ්ලිව්.එම්.ඩී.සිල්වා විසින් කරන පිළිතුරු ලිපිය මගිනි.

බහලුම් 371 අතුරින් බහලුම් 62 ක් අවදානම් කළමනාකරණ දත්ත උපයෝගී කරගෙන ස්වයංක්‍රීයව Asycuda රේගු දත්ත පද්ධතිය හරහා භෞතික පරීක්ෂාවෙන් නිදහස් වී ඇති බව අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත.

ඉකුත් ජනවාරි මාසයේදී බහලුම් 323 ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කර තිබෙන බවට මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත විය. 

මේ සම්බන්ධව රේගු නිලධාරීන්ගේ සංගමය රේගු පාලනාධිකාරියට දිගින් දිගටම චෝදනා එල්ල කළේය.

ස්වයංක්‍රීය දත්ත පද්ධතිය හරහා රතු ලේබල (Red Channel) සහ කහ ලේබල (Yellow Channel) යටතේ පරීක්ෂාවට යොමු කර තිබූ බහලුම් මෙලෙස ජනවාරි මස 18 වැනිදා භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කෙරුණු බවත්, එම නිදහස් කිරීම සඳහා බහලුම් Scan වාර්තාද පාදක කරගත් බව රේගුව කියයි.

මෙම බහලුම් 371 චීනය, ඉන්දියාව, සිංගප්පූරුව, තායිවානය, වියට්නාමය, හොංකොං, ස්විට්සර්ලන්තය, කොරියාව, දකුණු කොරියාව, බෙල්ජියම, එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, මැලේසියාව, ජපානය, බංග්ලාදේශය ඇතුළු රටවල් කීපයකින් ආනයනය කර තිබේ.

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved