Connect with us

පුවත්

පවිත්‍රා ට නව පත්වීමක්

Published

on

ශ්‍රී ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනිය ලෙස අමාත්‍ය – පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පසුගිය 09දා තේරීපත් වූවාය.

ශ්‍රී ලංකා- යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක – මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ තානාපති ඩෙනිස් චයිබි මහතා මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

රාජ්‍ය අමාත්‍ය – ඩයනා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරු ශ්‍රී ලංකා – යුරෝපා සංගම් මිත්‍රත්ව සංගමයේ නව ලේකම්වරු වශයෙන් තේරී පත්වූහ.

මෙහදී අදහස් දක්මවමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ සිටියේ දරිද්‍රතාවය අවම කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ප්‍රාදේශීය සංවර්ධනය, කෘෂිකර්මය, ජලය සම්පාදන සහ සෞඛ්‍ය ඇතුළු පුළුල් ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය සඳහා 2014 සිට 2020 දක්වා කාලය තුළ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ප්‍රදානයන් ලබා දී ඇති බවයි. එසේම පසුගිය කොවිඩ් 19 අර්බුදය තුළ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබා දුන් සහය පිළිබඳව ද කථානායකවරයා සිය ස්තූතිය පළ කළේය.

මේ වසරේ මැයි මස මැද භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියාතික රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත පිරිස (DSAS) පිළිගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටින බවද කථානායකවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසේ තානාපති ඩෙනිස් චයිබි මහතා මෙහිදී ප්‍රකාශ කළේ පසුගිය වසර 20 තුළ යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ආපසු ගෙවීමේ සහ කොන්දේසි සහිත නීති නොමැතිව ප්‍රදාන වශයෙන් යුරෝ බිලියන 8 කට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති බවයි. ග්‍රාමීය සංවර්ධනය, සංහිදියාව සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය වී ඇති බවත් හරිත ආර්ථිකයක් මෙන්ම සමාජ සංවර්ධනය ඇති කිරීමට තවදුරටත් සහාය වීමට මුදල් යොදවා ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මවක් බව තමන් විශ්වාස කරන බවත් විවිධ අභියෝග මධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව ප්‍රශංසනීය බවත් තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රැස්වීමේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා – යුරෝපා සංගම් මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති, අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved