Connect with us

පුවත්

පළමු ජාතික බාලදක්ෂ කිඩෝරිය ඇරඹේ !

Published

on

බලදක්ෂයන්ගේ ජම්බෝරිය, පෝතක බලදක්ෂයන්ගේ කබෝරිය යන වචන අතරට අලුතින් එකතු වන නම කිඩෝරියයි.

මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ කටයුතු ආරම්භ වන්නේ 1912 මාතලේ ප්‍රදේශයෙනි. එයින් වසර 102කට පසු මෙරට සිඟිති බාලදක්ෂ ආරම්භ කෙරිණි. 2014 නොවැම්බර් 13 දින හිටපු බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වාගේ මූලිකත්වයෙන් එය සිදු විය.

දිස්ත්‍රික්ක 05ක පාසල් 08කින් ආරම්භ කෙරුණු එය, මේ වන විට රට පුරා බාලදක්ෂ දිසා 38ක් පුරා විහිදී පවතී.

2018 වසර වන විට සිඟිති බාලදක්ෂයන් 10,000 ඉක්මවූ සාමාජිකත්වයක් සිටියද, ක්‍රමයෙන් කොවිඩ් වසංගතය ඇතුළු හේතු නිසා එය තරමක පසුබෑමකට මුහුණ දුන්නේය.

අවුරුදු 5 – 7 අතර දරුවන්, සිඟිති බාලදක්ෂයන් ලෙස යළිත් බලගැන්වීමේ අරමුණින් හෙට (2022 නොවැම්බර් 26) කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේදී මෙරට පළමු ජාතික බාලදක්ෂ කිඩෝරිය පැවැත්වීමට නියමිත ය.

සිඟිති බාලදක්ෂයන් 4,000කගේ සාමාජිකත්වයෙන් මෙම සිඟිත්තන්ගේ එකමුතුව පැවැත්වීමට නියමිතව තිබුණද, එය අවසාන මොහොත වන විට දිස්ත්‍රික්ක 24ක සිඟිති බාලදක්ෂයන් 5,614ක් දක්වා ඉහළ ගොස් ඇත.

සහාය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් (සිඟිති බාලදක්ෂ) චන්ද්‍රානි ප්‍රනාන්දු පවසන්නේ දරුවන්ට අහිමි කෙරෙමින් තිබෙන ළමා කාලය ලබාදීම වෙනුවෙන් කළ හැකි සියල්ල සිදුකිරීම වැඩිහිටියන්ගේ වගකීමක් බවයි.

යාළුකමයි – සතුටයි නම් සිඟිති බාලදක්ෂ ආදර්ශ පාඨයට අනුව යමින් කතාන්දර, ජන කවි, සිංදු, නැටුම් හරහා එකමුතුකම සහ නායකත්වය පිළිබඳ සුන්දර අත්දැකීමක් ලබාදීම මෙම කිඩෝරියේ මූලික අරමුණ බව ද කොමසාරිස්වරිය සඳහන් කරයි.

උදෑසන 8.30ට සිඟිති බාලදක්ෂයන් ලියාපදිංචියෙන් , අනුග්‍රාහකයන්ගේ සහයෝගයෙන් පස්වරු 1 වන තුරු මෙය පවත්වන බව ද කොමසාරිස්වරිය පවසයි.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved