Connect with us

පුවත්

ප්‍රංශයේ අතිරික්ත වයින් තොග විනාශය කරන්න යුරෝ මිලියන 200ක්

Published

on

අතිරික්ත වයින් තොග විනාශ කර නිෂ්පාදකයන් හට සහය දීමට ප්‍රංශ රජය විසින් යුරෝ මිලියන 200ක මුදලක් වෙන් කර ඇත.

මෙයට හේතුව නම් අතිරික්ත නිෂ්පාදන ධාරිතාව, ජීවන වියදම් අර්බුද හා වයින් වලට ඇති ඉල්ලුම අඩුවීම ඇතුළු ගැටළු රැසකට මුහුණ දීමට එරට වයින් නිෂ්පාදකයන් හට සිදුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙසේ වෙන් කරන අරමුදල් වලින් වැඩි ප්‍රමාණයක් අතිරික්ත වයින් තොග මිලදී ගැනීමට යොදා ගැනෙනු ඇති බවත්, එම වයින් මඟින් සුවඳ විලවුන්, සැනිටයිසර් හා පිරිසිදු කාරක නිපදවීමට යොමු කරනු ඇති බවත් පැවසේ.

තවද, නිෂ්පාදන අතිරික්තය පාලනය කිරීම සඳහා ඔලිව් වැනි වෙනත් නිෂ්පාදන කරා යොමු වීමටත් වයින් නිෂ්පාදකයන් හට මුදල් හිමිවනු ඇත.

එසේම ප්‍රංශ කෘෂිකර්ම අමාත්‍ය මාක් ෆෙස්නෝ පවසා ඇත්තේ මෙම පියවර මගින් වයින් වල මිල කඩා වැටීම පාලනය කිරීමට ප්‍රංශ රජය අරමුණු කරන බවයි.

මෙම පියවර වලට අනුව වයින් ක්ෂේත්‍රයේ නිරත වන්නන් අනාගතයට සිත යොමු කර පාරිභෝගිකයන් ගේ වෙනස් වීම් පිළිබඳව සිතා බලා නිසි ලෙස අනුගත විය යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

පසුගිය වසරේ ජූනි මාසයේ සිට වසරක කාලයක් පුරාවට යුරෝපීය කොමිසම විසින් රැස් කරගත් දත්ත වලට අනුව වයින් පරිභෝජනය ඉතාලියේ 7%, ස්පාඤ්ඤයේ 10%, ප්‍රංශයේ 15%, ජර්මනියේ 22% සහ පෘතුගාලයේ 34% ලෙස පහත වැටී තිබුණු නමුත්, ලොව වැඩියෙන්ම වයින් නිෂ්පාදනය වන මෙම කලාපයේ නිෂ්පාදන ධාරිතාවය 4% කින් ඉහළ ගොස් තිබේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved