Connect with us

පුවත්

ප්‍රචාරක කටයුතු අවසන් වූ කාලයේදී ගෑස් ඉවරවුනොත් මොකද කරන්නේ !

Published

on

මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කාලයේදී ගෙදර ගෑස් අවසන් වූයේ නම් එක ටැංකියක් රැගෙන යාම ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

කොළඹදී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මැතිවරණ දිනයේදී තනි පුද්ගලයෙක් ඡන්ද ලකුණක් ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් කිරීමට හැකි වූවත්, එවැනි සලකුණු ප්‍රදර්ශනය කරමින් කණ්ඩායමක් පෙළපාළියක් ලෙස ගමන් කරන්නේ නම් පොලිසියට තහනම් කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

ප්‍රචාරක කටයුතු තහනම් කාලයේදී කිසියම් අයෙකු බයිසිකලයක ගෑස් සිලින්ඩරයක් බැඳගෙන රැගෙන ගියහොත් හෝ තරුවක්, මාලිමාවක් ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්දැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

උතුරු පළාත සම්පූර්ණයෙන්ම මැතිවරණයක් නොපැවැත්වෙන තත්වයේ නිහඩතාවයක් පවතින බවත්, නිහඬ ජලාශයක ගැඹුර වැඩි බවත් ඔහු කීවේය.

අනෙකුත් පළාත් වලින්ද බරපතල සිද්ධීන් වාර්තා නොවන බවද ඔහු කීවේය. ගෙයින් ගෙට යෑමේදී විශාල පිරිස් යන බවත්, එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත් ඔහු පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි 11 ට පමණ ලැබිය හැකි බවත් ඔහු පැවසීය.

ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් එල්ල කළ හැකි ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිරීමට මෙවර කිසිවෙකු උත්සාහ නොගන්නා බවද, එවැනි ක්‍රියාවක් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවද ,ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිරීමට කිසිවකු උත්සාහ ගතහොත් රටේ ජනතාව ඉදිරියේ එම ප්‍රචණ්ඩත්වය වාෂ්ප වන බවත් ඔහු සඳහන් කළේය.

මැතිවරණ වියදම් නියාමන පනත අනුව, කථිකයන් රැස්වීම්වලට පැමිණීමේ වියදම්ද ඇතුළත් කළ යුතු බවද හිටපු සභාපතිවරයා පැවසුවේය.

ඡන්දය නොදී සිටීම සහ ඡන්දය කුරුටු ගෑමෙන් සිදුවන්නේ අනෙක් ඡන්දය දෙන අයගේ මතය අනුමත කිරීමක් බවද ඔහු සඳහන් කළේය.

ජනතාව දීමනා, වරප්‍රසාදවලට ඡන්දය නොදෙන බවද ඔහු කීවේය.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

ශ්‍රී ලාංකික මුදලාලිලාගෙන් චීන තානාපති මජින්තට ලෙඩක්

Published

on

By

චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතාගෙන් තමන්ට සහයෝගය නොලැබුණු බවට ශ්‍රී ලාංකික ආයෝජකයින් පිරිසක් වාණිජ, පාරිභෝගික සේවා ඇමැති වසන්ත සමරසිංහ මහතාට ගතු කීමේ සිද්ධියක් වාර්තා වේ.

අමාත්‍යවරයාට අදාළ කාරණා පවසා ඇත්තේ නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මින් නගරයේ දී පසුගියදා පැවැති 9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහභාගි වූ අවස්ථාවේදීය.

ඇමැතිවරයා සෑම ව්‍යාපාරික කුටියකටම ගොස් අපනයනකරුවන් හමුවුවත්, චීනයේ බීජිං නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වෙළෙඳ කුටියකට පමණක් ගොස් හැරී ගිය බව ඔවුන් පවසා තිබේ.

ව්‍යාපාරිකයන්ගේ අදාල දෝශාරෝපනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ‘‘මම ලංකාවට ගිහිල්ලා විදේශ කටයුතු ඇමැතිවරයා දැනුවත් කරන්නම්’’ යනුවෙන් අපනයනකරුවන්ට පොරොන්දුක් ද එහිදී ලබාදී ඇත.

කෙසේවුවද, චීනයේ බින්න බැස්ස ව්‍යාපාරිකයන් පිරිසක් එහි අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට උත්සාහ කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සෑහෙන බාධා පමුණුවන බවට ද බීජිං චීන තානාපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ තත්ත්වය නිසා වසර ගණනක සිට ශ්‍රී ලාංකිකයන්ට චීනයේ ව්‍යාපාරික අවස්ථා බොහොමයක් වැසී ගොස් ඇති බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පියුමිගේ පුතාට ඇප; පහර කෑ අය තවමත් රෝහලේ

Published

on

By

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේවෙතත් පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved